Colombo Today Local News

අසාත්මිකතා නිසා රෝගීන් මියයාමේ පරීක්ෂණ වාර්තාව සති 3 කින්..

අසාත්මිකතා හේතුවෙන් රෝගීන් කිහිපදෙනෙකු මියයාමේ සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ වාර්තාව සති 3 කින් පමණ ලබාදීමට බලාපොරොත්තුවන බව කමිටු සමාජික වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මෙම සිදුවීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව අද (18)දින රැස්වී ඒ සම්බන්ධයෙන් වන ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කරන බව ඔහු සඳහන් කරයි.

අසාත්මිකතා හේතුවෙන් රෝගීන් කිහිපදෙනෙකු මියයාමේ සිද්ධීන් පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය අමත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහත සමාජිකයින් 06 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළේ ය.

එම කමිටුවේ සභාපතිත්වය දරනු ලබන්නේ, බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයායි.

නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසුව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ගැබිණි මවක ඇතුළු කාන්තාවන් දෙදෙනෙකු මියයාම මෙන්ම උදරාබාධයකට ප්‍රතිකාර ලබන අතරවාරයේ 21 හැවිරිදි තරුණියක මිය යාම ද පසුගිය දිනවල දැඩි ආන්දෝලනයකට ලක් වූ සිද්ධීන් වේ.

Related posts

ජනපති තිරුපති ගිහින් අතරමං වෙලා !

colombotoday

කොළඹ වරායේ මහා රහස – කමිටු විමර්ශනය කවදා අවසන් වේවිද?

Admin

බුද්ධාගමෙන්, කතෝලික ආගමෙන්, නීතියෙන් එපා කියන “සමලිංගික“ විෂය පාසැල් පද්ධතියට ඇතුළු කිරීමට රජය එකග වේ !

colombotoday

සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

Admin

වැඩි පිරිසකට සරසවි වරම් දෙන්න යයි

colombotoday

ඥානසාර හිමි ධර්ම චාරිකාවේ යෙදෙති – මේ වසරේ 270 වන ධර්ම දේශනය අද හොදැල්ලදී

colombotoday