Colombo Today Local News

අධිවේගයේ යතුරු පැදියක් පැද්ද අයෙක් අල්ලයි

දක්ෂිණ අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළුවී යතුරු පැදියක් ධාවනය කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (16)දින අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කළුතර මතුගම මාර්ගයේ සිට පැමිණ තිබූ සැකකරු දොඩම්ගොඩ අධිවේගී පිවිසුමෙන් මාතර දෙසට ඇතුළු වී වැලිපැන්න දෙසට යාමට උත්සාහ දැරීමේදී පසුපස හඹා ගිය අධිවේගී රථවාහන පොලිසියේ දොඩංගොඩ පිවිසුමේ පොලිස් නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි සැකකරු අධික ලෙස මත්පැන් පානය කර සිට ඇතැයි ද, ඔහු මතුගම ප්‍රදේශයේ පදිංචි විදුලි කාර්මිකයෙක් බවද පොලිසිය කියයි.

යතුරුපැදිකරු අධිවේගී මාර්ගය ඔස්සේ යතුරුපැදිය ධාවනය කරන අයුරු වාහනයක සවිකර තිබූ කැමරාවක සටහන්ව ඇත.

දොඩන්ගොඩ අධිවේගී රථවාහන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දසනායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් දොඩම්ගොඩ පොලිසිය වෙත භාරදුන් සැකකරු එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සි ඒ එස් චම්මික,රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පි කේ කාංචන ප්‍රියශාන්ත මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම ගැන විපක්ෂ  නායක මහින්දගේ අදහස…

colombotoday

දිනකදී සිදු කල වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ – PCR 7000ත් ඉක්මවයි

colombotoday

ඖෂධ වර්ග 60 ක මිල ඉහළ දමමින් ගැසට් නිවේදනයක්

colombotoday

හෙට සිට ගෑස් මිල පහළට

Admin

ඇතැම් මුස්ලිම් පක්ෂ වැඩකරන්නේ රහසිගත න්‍යාය පත්‍රයන්ට – ඇමති ෆයිසර්ගෙන් හෙළිදරව්වක්

colombotoday

පාසල් ළමුන් සමඟ ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

Admin