World

කොංගෝවේ කැරලිකරුවන්ගේ ප්‍රහාරයකින් පුද්ගලයන් 11ක් මරුට

ඊසානදිග කොංගෝවේ කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තිබේ.

එම්.23 නමින් හඳුන්වන කැරලිකාර කණ්ඩායමක් විසින් එරට ගම්මාන කිහිපයකට ඇතුළු වී එල්ල කළ ප්‍රහාරවලින් එම පුද්ගලයින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කැරලිකාර කණ්ඩායම අසල්වැසි රුවන්ඩාවට සම්බන්ධකම් ඇති බවට කොංගෝ බලධාරීන් චෝදනා කරන අතර රුවන්ඩාව එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේවෙතත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරකම් හේතුවෙන් කොංගෝව තුළ මිලියන 5.5ක ජනතාවක් අවතැන් වී ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

දුරකතන මාදිලි රැසක අද සිට වට්සැප් ඉවතට

colombotoday

ලෝක බලවතාගෙන් රුසියාවට අනතුරු ඇගවීමක්

colombotoday

රෝද පුටුවෙන් පැමිණි අමාත්‍යවරියට රාජ්‍ය නායක සමුළුව අහිමි වෙයි

colombotoday

ස්වීඩනයටත් ට්‍රක් රථ ප්‍රහාරයක් !

colombotoday

තුර්කියේ තවත් ප්‍රබල භූ කම්පනයක්

Admin

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 34 ඉක්මවයි

colombotoday