Colombo Today Local News

පේරාදෙණියේ චමෝදි සංදීපනීගේ මරණයට හේතුව තහවුරු කරන්න ඇමති විශේෂඥ කමිටුවක් පත් කරයි

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ප්‍රශ්න සහගත ලෙස මියගිය චමෝදි සංදීපනීගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයට පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් එම කණ්ඩායම හෙට දිනයේ පේරාදෙණිය රෝහලට ගොස් විමර්ශන ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් මූලික පරීක්ෂණවලදී අදාළ තරුණියට ලබාදුන් එන්නත මරණයට හේතු වී නොමැති බව හෙළිව ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් එය සැකහැර තහවුරු කර ගැනීමට මෙම පරීක්ෂණ කමිටුවට හැකි බව ඔහු සඳහන් කරයි.

අදාළ එන්නත ලබාදුන් 12 දෙනෙකු මේ වනවිටත් පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන බවද කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

21 හැවිරිදි චමෝදි සංදීපනී පසුගිය සඳුදා කැටපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර තිබුණේ පාචන රෝග තත්ත්වයක් හේතුවෙන් ය.

එදින රාත්‍රියේ එම රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇය පසුගියදා පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරුකර තිබුණි.

ඥාතීන් පවසන්නේ ඇයට ලබාදුන් එන්තකින් පසුව ඇය රෝගී වී මිය ගිය බවයි.

Related posts

ජලාශ කිහිපයක වාන් දොටු අරී

colombotoday

බැසිල් එජාප ඇමතිවරයෙක් හමුවෙලා.. ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ! (Video)

colombotoday

මෙවර නිදහස්‌ උළෙලේදී ජාතික ගීය පළමුවරට සිංහලෙන් හා දෙමළෙන්

colombotoday

යුක්රේන ආරක්ෂක ප්‍රධානියෙක් හදිසියේම දිවයිනට

colombotoday

සඳහිරු සෑය සසුනට පූජා කිරීම අද

colombotoday

තෙවරප්පෙරුමට, රණවීරට පාර්ලිමේන්තුව තහනම්

colombotoday