Colombo Today Local News

බහුදින ධීවර යාත්‍රාවක පිළිස්සුනු ධීවරයෙක්

දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පිළිස්සුම් තුවාල ලැබූ බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා පියවර ගෙන තිබේ.

ගාල්ලේ සිට නාවික සැතපුම් 431ක් පමණ ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් එම ධීවරයා පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි නාවික හමුදාව සඳහන් කරයි.

ගොඩබිම වෙත රැගෙන ආ ධීවරයා ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

පසුගිය ජුනි මස 22 වන දින ධීවරයින් 5 දෙනෙකු සමග මීගමුව ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති බහුදින ධීවර යාත්‍රාව ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී විදේශීය යාත්‍රාවක ගැටී ඇති බව සඳහන් වෙයි.

එහිදී එම විදේශීය යාත්‍රාවෙන් එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් බහුදින ධීවර යාත්‍රාවේ සිටි එම ධීවරයා පිළිස්සුම් තුවාල ලබා ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදාවට දැනුම් දී තිබේ.

ඒ අනුව, ක්‍රියාත්මක වූ නාවික හමුදාවේ “ස්පාර් මිරා” නම් වූ වෙළෙඳ නෞකාව මගින් පිළිස්සුම් තුවාල ලබා ඇති ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට පියවර ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.

Related posts

තේරිම් කාරක සභාව ජනපතිගේ ප‍්‍රකාශය ලබා ගන්නා දිනය තීන්දු කරයි

colombotoday

සංහිඳියාව බිඳ දමන ප්‍රකාශ නිසා ෆසාල් මොහොමඩ් නිසාර් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

“සියලුම ජාතිවාදී ගැටුම් මෙහෙයවන්නේ ගෝඨාභයයි.. බොදුබල සේනාවත් ඔහුගේ“ – එස්.බී

colombotoday

රට ගැන සිතා රිෂාඩ් ට විරුද්ධව ඡන්දය දෙනවා – රාජ්‍ය ඇමති වසන්ත

colombotoday

(LIVE) මහින්ද එන “ජන සටන” විරෝධතා රැලිය සජීවීව බලන්න

colombotoday

ජයග්‍රහණයෙන් වියරු වැටී බංගලි ක්‍රීඩකයෝ යකා නටති.. විවේකාගාරයට පහරදී වීදුරු කුඩු පට්ටම් කරති

colombotoday