Colombo Today Local News

අභියාචනා හා විරෝධතා සලකා බැලීමේ කටයුතු සූදානම්

“අස්වැසුම” සුබසාධන දීමනා සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා දැක්වීමේ කාල සීමාව ජූලි මස 10 වැනිදායින් අවසන් වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ අනුව, මෙම දීමනා සම්බන්ධයෙන් ලැබී ඇති අභියාචනා 968,000 ක් සහ විරෝධතා 17,500 ක් සලකා බැලීමේ කටයුතු ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් බව ඔහු සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

මෙම අභියාචනා හා විරෝධතා සම්බන්ධයෙන් සලකා බැලීමේ කටයුතු ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදු කරනු ලබන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන්ම මෙම දීමනා අවශ්‍ය සියලුම පාර්ශ්වයන් හඳුනාගනිමින්, “අස්වැසුම” සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට ඔවුන් ඇතුළත් කිරීමේ කටයුතු ද විනිවිදභාවයකින් යුතුව සිදු වන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

Related posts

වැඩි කළ ජල ගාස්තු මෙන්න

Admin

අවුරුද්දෙන් පස්සේ හිටපු ජනපතිගේ තැන් මාරුවක්

colombotoday

අධ්‍යාපන අමාත්‍යාංශයේ අංශ කිහිපයක් වසයි

colombotoday

සහල් ආනයනය අපේ ප්‍රතිපත්තිය නෙමෙයි හැබැයි චුට්ටක් ගේනවා

Admin

රාජ්‍ය ආයතනවල සේවය කරන ගර්භනී මවුවරුන් සේවයට කැඳවීම අත්හිටුවයි

colombotoday

පාන් මිල අඩු වෙයි.

Admin