Colombo Today Local News

කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධීව රැදී සිටි 46ක් දිවයිනට එවයි

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස්, එරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනකු, අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

මොවුන් අතරින් 39 දෙනකු ගෘහ සේවිකාවන් වූ අතර ඉතිරි 07 දෙනා ගෘහ සේවකයන් බව වාර්තා වෙයි.

මොවුන් දීර්ඝ කාළයක් කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව රැදී සිට සිට ඇති අතර, පසුව ඔවුන් විවිධ අසනීපවලට ගොදුරු වීම, පෞද්ගලික ගැටළු සහ ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ පවුල් වල ගැටළු මතු වීම නිසා, ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී තිබේ.

මෙසේ මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 2,000 කට අධික පිරිසක් කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති බව තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා පවසයි.

මෙසේ ලියාපදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවීම පිළිබඳව කුවේට් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සමග පසුගියදා සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව එරට පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය සමග එක්ව ගත් කඩිනම් පියවර මත, තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර මත මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස එවා තිබේ.

Related posts

ශ්‍රී ලංකා රජයට එරෙහිව මුස්ලිම් කණ්ඩායමකින් එක්සත් ජාතීන්ට පැමිණිලි | බ්‍රිතාන්‍යයේ මුස්ලිම් කවුන්සිලය සහය දක්වයි.

colombotoday

පුතා හිරේ දැම්මත් අද සතුටු වියහැකි කාරණාවත් තිබෙනවා – හිටපු ජනපති

colombotoday

75 වන ජාතික නිදහස් සැමරුමට සමරු මුද්දර හා කාසියක්

Admin

ක්‍රිකට් ඡන්දයෙන් අර්ජුනට දැවැන්ත පරාජයක්…

colombotoday

තුර්කියේ ඉස්ලාම් ත්‍රස්තයන් ලංකාවේ ජාතයන්තර පාසලක ආයෝජනය කරලා…

colombotoday

ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් අද පිහිටුවයි

Admin