Colombo Today Sports News

සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරගය අද

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයෙහි ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගය අ(7)දින සිම්බාබ්වේ හරාරේ හිදී පැවැත් වේ.

ක්‍රීඩා කළ සියලු තරග ජය ගනිමින් දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය ස්ථානය තහවුරු කරගෙන අවසන් ය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී හරාරේ ක්‍රීඩාංගණයේ තරගයකට එක්වන පළමු අවස්ථාව ද මෙයයි.

ෂේ හෝප්ගේ නායකත්වයෙන් යුත් කොදෙව් කණ්ඩායම ක්‍රීඩා කළ තරග 4න් ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණි.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද තරගය මෙරට වේලාවෙන් දහවල් 12. 30ට ආරම්භ වීමට නියමිතයි.

Related posts

රංගන හේරත් කොදෙව්වන් දඟ කවයි. ලංකාවට ඉනිමක ජයක්.

colombotoday

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

Admin

ජයග්‍රහණය පෙනි පෙනී ලංකාව පරාජය වැළදගනී… එංගලන්තයට වාර්තාගත ජයක්….

colombotoday

IPL හොඳම 11 දෙනා නම් කරයි… සංචිතයට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් නෑ

colombotoday

ධර්මසේන IPL යන්න බැහැ කියයි

colombotoday

ශ්‍රී ලංකා – ඕමාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ

colombotoday