Colombo Today Local News

මෙරට වරායන් සංවර්ධනයට යුරෝපීය නවීන තාක්ෂණික සහය බෙල්ජියමෙන්

ශ්‍රී ලංකාවේ වරායන් සංවර්ධනය කිරීමට අවශ්‍ය යුරෝපීය නවීන තාක්ෂණය ලබාදීමට බෙල්ජියම් තානාපතිවරයා එකඟතාවය පළ කර තිබේ.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලීමක් අනුව එම එකඟතාවය පළ කළ ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

ත්‍රිකුණාමලය සහ ගාල්ල වරායන් සංවර්ධනය කිරීමට අවශ්‍ය සහය ලබා දෙන ලෙස සහ එම සංවර්ධන කටයුතු සඳහා බෙල්ජියානු ආයෝජකයින් හට ශ්‍රී ලංකාවේ අවස්ථා ලබාදීමට හැකි බව අමාත්‍යවරයා එහිදී පවසා ඇත.

ඒ අනුව මෙහෙයුම් කටයුතු සඳහා යුරෝපීය නව තාක්ෂණය උපයෝගී කර ගන්නා බවත්, එම තාක්ෂණය කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු සඳහා යොදාගැනීමට අවශ්‍ය සහය ලබා දීමටත් තානාපතිවරයා සිය කැමැත්ත පළ කර තිබේ.

බෙල්ජියම් ආයෝජකයින් විසින් දකුණු පළාතේ පවත්වාගෙන යනු ලබන යොට් යාත්‍රා අංගනයේ රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලාංකික තරුණයින් හට පුහුණුවක් ලබා දීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්වය සාකච්ඡා කර ඇති බව සඳහන් වෙයි.

Related posts

මුස්ලිම් කටයුතු ඇමති වහා මාරු කළ යුතුයි… මේ පරීක්ෂණ කටයුතුවලට ස්වාධීනත්වයක් ඕන – හමුදාපති

colombotoday

තවත් විශ්වාසභංගයකට සියල්ල සූදානම් ! මෙවර එජාපයෙන් !

colombotoday

“කොළඹ කුණු රහසිගත තැනකට.. කාටවත් කියන්න බෑ“ – කොළඹ නගර සභාව

colombotoday

ගජමුතු විකුණන්න ගිය 2ක් පොලිස් දැලේ

colombotoday

උලමා සභාව විසින් පැවැත්වූ සාකච්ඡා රැසක හඬපට බොදු බලේට ලැබිලා – රහස් රැසක් එලියට

colombotoday

අජාන් බ්‍රහ්මවංස හිමියන්ගෙන් ඇමති නිමල් සමාව අයදියි

Admin