Colombo Today Local News

දිවයිනේ රෝහල් රැසක ලේ මාරු කරන යන්ත්‍ර අක්‍රීය වීමෙන් රෝගීන් මැරි මැරී යනවා…

ගල්ගමුව, කුලියාපිටිය ඇතුළු දිවයිනේ මහ රෝහල් බොහොමයක ලේ මාරු කරන යන්ත්‍ර අක්‍රීය වීමෙන් රෝගීන් මැරි මැරී යන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලනයේ තිබෙන ප්‍රශ්නයක් නිසා මේ අර්බුදය හටගෙන තිබෙන බව කී මන්ත්‍රීවරයා ලේ මාරු කරන යන්ත්‍ර අලුත්වැඩියාව සඳහා ටෙන්ඩර් කැඳවීම් කර තිබුණද එම ටෙන්ඩර් වල ප්‍රශ්න නිසා මාස ගණනාවක සිට අදාල යන්ත්‍ර සඳහා අවශ්‍ය උපකරණ ලබා ගැනීමට නොහැකි වී තිබෙන බව සඳහන් කළේය.

අයවැයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට බිලියන 200ක් පමණ මුදලක් සෑම වසරකම වෙන් කරන නමුත් වකුගඩු රෝගය වැළඳුණු රෝගීන්ට ලේ මාරු කරගන්න උපකරණ පිටින් ගේන්නැයි පවසන බවද එලෙස පිටින් ගේන්න මිනිසුන්ට මුදලක් නැතැයි ද දයාසිරි ජයසේකර මහතා කීය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවැසූයේ දයාසිරි ජයසේකර මහතා මතු කළ කතාවේ යම් ඇත්තක් තිබෙන බවයි. මේ ගැන යම් අවස්ථාවල අධිකරණයෙන් පවා නියෝග ලැබී තිබෙන බවද අද හෙට වෙන විට ඒ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනු ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

හිරුණිකාගෙන් මලික්ට උණුසුම් හාදුවක්…

colombotoday

ජනාධිපති උපදේශකගෙන් අගමැති රනිල්ට දැඩි ප්‍රහාරයක් !

colombotoday

දේශපාලනඥයන්ගේ දුරකථන ටැෆ් කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් – මරික්කාර්

colombotoday

“නළුවෙක් නෙවෙයි මොළයක්” කියපු රනිල්ට “අලයක් තරම්වත් මොළයක්” නැති බව ඔප්පු කරලා ඉවරයි – විමල්

colombotoday

21 වැනි ව්‍යවස්ථා සභාවට මන්ත්‍රීන් නොවන සාමාජිකයන් පත්කිරීමට අයදුම්පත් කැඳවයි

Admin

‘දිනන ජනතාවගේ මැයි රැලිය‘ වෙනුවෙන් අගමැතිගේ කටවුට් කොළඹ පුරා ලයිට් කණුවල

colombotoday