Colombo Today Local News

පංති කාමරයට කොස්ගහක් කඩන් වැටී දරුවන් අටක් රෝහලේ…

කෑගල්ල ඇකිරියගල කණිෂ්ඨ විද්‍යාලය භූමියේ තිබුණු කොස් ගසක් සුළගට ඉදිරි ගොඩනැගිල්ලක් මතට වැටීමෙන් දරුවන් අට දෙනකු තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි.

පංති කාමර ගොඩනැගිල්ලට වැටී ඇති කොස් ගස වහලයේ සෙවිලි කර තිබුණු උළු කැට බිදි එහි කැබලි 4 පංතියේ ඉගනුම ලබමින් සිටි දරුවන්ගේ හිස මතට වැටී ඇති බවත් පොලිසිය කියයි.

පසුව තුවාල ලද දරුවන් අට දෙනකු ත්‍රීරෝද රථ මගින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ශිෂ්‍යයන් හත් දෙනකු හා එක් ශිෂ්‍යයාවක තුවාල ලබා සිටි බව පොලිසිය සඳහන් කරයි.

Related posts

හිටපු ජනපති මහින්ද ළඟදීම ශ්‍රිලනිපයෙන් නෙරපන්න යයි !

colombotoday

සරත් විජේසූරිය මාදුලුවාවේ සෝභිත හිමිට ශාප කරයි. – ප්‍රසිද්ධි විවාදයකට කොවිවියේ  සරත් විජේසූරියට අභියෝගයක්

colombotoday

ගෝඨාගේ ප්‍රතිශෝධන-රීට් පෙත්සම් ගාස්තු රහිතව නිශ්ප්‍රභ වෙයි

colombotoday

සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ නෑ – ජාතික ජනබලවේගය ජනපතිට දන්වයි..

colombotoday

වාහනවල දෝෂ සොයා විශේෂ මෙහෙයුමක්

colombotoday

අනිද්දා පැය 15ක ජල කප්පාදුවක්

Admin