Colombo Today Local News

කොළඹ මහාධිකරණයේ නඩු භාණ්ඩ සොරා ගත් සේවකයන් දෙදෙනා රිමාන්ඩ්

කොළඹ මහාධිකරණයේ නඩු භාණ්ඩ සොරකම් කර බැහැර කරන ලදැයි කෙසෙල්වත්ත පොලිසිය අත්අඩංගුවට ගත් කොළඹ මහාධිකරණයේ ලිපිකරුවන් දෙදෙනා ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (30)දින නියෝග කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පන්නිපිටිය දේවාල පාර පදිංචි වීරසිංහ මුදියන්සේලාගේ රසික බණ්ඩාර වීරසිංහ සහ මිහිඳු මාවත පන්නිපිටිය පදිංචි සම්පත් කුමාර ප්‍රියසාද් නමැති කොළඹ මහාධිකරණ ලේඛනාගාරයේ සහ නඩු භාණ්ඩ කාමරයේ සේවය නියුතුව සිටි ලිපිකරුවන් දෙදෙනෙකි.

මෙම සිද්ධියට අදාලව තවත් ලිපිකරුවන් අත්අඩංගුවට ගැනීමට සිටින බවද කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.

හෙරොයින් සිද්ධියකට අදාළව රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තා කැඳවීම සඳහා අධිකරණයට ලබාදී තිබූ නඩු භාණ්ඩයක කවර දෙකක් මෙහි ප්‍රධාන සැකකරුගේ බෑගයේ තිබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් එම ආයතනයේම ලිපිකාරිනියක විසින් ප්‍රධාන රෙජිස්ටර්වරයාට ඒ බව දැනුම් දී ඇති බවත් කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

Related posts

කොටි ත්‍රස්තයින් සිදුකළ යුධ අපරාධ ඇතුළත් වාර්තාවක් ජිනීවා මානව හිමිකම් සමුළුවට !

colombotoday

අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

colombotoday

ශ්‍රී ලාංකික තරුණයෙක් අමෙරිකාවේදී අභිරහස් ලෙස මිය යයි

Admin

විභාග රාජකාරියේ යෙදෙන නිලධාරීන්ට ප්‍රමුඛතා පදනම මත ඉන්ධන

colombotoday

චීනයෙන් මිලියන 28ක ඖෂධ අද මෙරටට

colombotoday

භික්ෂුව ජාතියේ මුරදේවතාවුන් වනවා මිස අලියා,අත,පොහොට්ටුවේ මුරදේවතාවුන් නොවිය යුතුයි – අස්ගිරි අනුනාහිමි

colombotoday