Colombo Today Sports News

සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද..

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද(30)දින නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙයි.

මූලික වටයේ B කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 6 දෙනාගේ වටයට පිවිසියේ සහභාගී වූ සියලුම තරග ජය ගෙන ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් ය.

ආබාධයකට ලක් වූ දුෂ්මන්ත චමීර නැවතත් ශ්‍රී ලංකාව බලා පිටත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහි වැඩිදුරටත් දැක්වුණේ ඔහු වෙනුවට දිල්ශාන් මදුශංක සංචිතයට කැඳවන බවයි.

අද තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන නෙදර්ලන්තය සුපිරි 6 දෙනාගේ වටයට එක් වුණේ මූලික වටයේ A කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වෙමින් ය.

ඔවුන් මූලික වටයේ සහභාගී වූ තරග 4න් 3ක් ජය ගත්තේ ය.

අද තරගය මෙරට වේලාවෙන් දහවල් 12. 30ට ආරම්භ වීමට නියමිතයි.

Related posts

ස්කොට්ලන්තය පරදා ඔස්ට්‍රේලියාව අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලබයි.

colombotoday

සචින් ටෙන්ඩුල්කාර් රෝහල්ගත කරයි

colombotoday

ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට

colombotoday

ශුබ්මන් ගිල් පිටියෙන් ඉවත්ව යයි

Admin

ඉන්දියා-ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය සැළසුම් කළ පරිදි ජුනි මස නොපැවැත්වේ

colombotoday

දිනේෂ් ප්‍රියන්තට ලෝකඩ පදක්කමක්

Admin