Colombo Today Sports News

ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට

බ්‍රසීලයේ ටොකැන්ටින්ස් ප්‍රාන්තයේ සිදුවු ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බ්‍රසීලයේ පැල්මාස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයින් සිව්දෙනෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනතුරෙන් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා සහ යානයේ නියමුවා ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ක්‍රීඩකයින් තරඟාවලියක් සඳහා ගොස් ඇති අතර එහිදි සිදුකළ කොවිඩ් පරීක්ෂාවේදී ඔවුන් කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී ඇත.

ඒ හේතුවෙන් ඔවුන් යළි පැමිණෙමින් සිටින අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Related posts

නොවැක් ජොකොවිච්ට තවත් ජයක්

colombotoday

සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද..

Admin

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඇරඹෙයි. පළමුව පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

colombotoday

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය අද ඇරඹේ..

Admin

හෙල්ල විසිකිරීමෙන් තවත් පදක්කමක් ශ්‍රී ලංකාවට

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වෙයි

colombotoday