Colombo Today Local News

දේශීය ණය ප්‍රශස්තකරණ සැලැස්ම ගැන තීරණයකට රාජ්‍ය මුදල් කාරක සභාව අද රැස්වෙයි..

දේශීය ණය ප්‍රශස්තකරණ සැලැස්ම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට රාජ්‍ය මුදල් කාරක සභාව අද(30)දින රැස්වෙයි.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරන්නේ, ඊයේ දිනයේ රැස්වූ කාරක සභාව මේ සම්බන්ධයෙන් පාර්ශව රැසකගෙන් අදහස් විමසූ බවයි.

දේශීය ණය ප්‍රශස්තකරණ සැලැස්ම හරහා සේවක අර්ථ සාධක අරමුදලට වන බලපෑම සම්බන්ධයෙන් අද දිනයේ පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කරන බව ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මේ අතර, දේශීය ණය ප්‍රශස්තකරණ සැලැස්ම හෙට පාර්ලිමේන්තුවේදි විවාදයට ගැනෙයි.

දේශීය ණය ප්‍රශස්තකරණ සැලැස්ම් යෝජනාවට විරුද්ධව තම පක්ෂය ඡන්දය භාවිත කරන බවසමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඊයේ(29)දින පැවසීය.

Related posts

අයි.එම්.එෆ් යෝජනාවට නිදහස ජනතා සභාවේ ඡන්දය නෑ

Admin

රට කළඹන නව රැල්ලක් ! අපේ නායකයා ගෝඨා.. 2019 ජනපතිවරණය දිනනවා නිසැකයි – විමල් කියන කතාව මෙන්න

colombotoday

පෝට් සිටියේ ආයෝජනයට සමාගම් හයක් ඉදිරිපත් වෙයි

Admin

දෙමල සන්ධානය හෙට පාර්ලිමේන්තු නොඑයි…!!

colombotoday

දුමින්ද සිල්වාට සමාව දීම අභියෝගයට ලක් කරමින් හිරුනිකා ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් ඉල්ලන දේ නොලැබුණොත් කරන දේ සම්බන්ධන් කියයි !

colombotoday