Colombo Today Local News

කොස්තාපල්වරයකුගේ ගිනි අවිය පත්තු වී සැරයන් රෝහලේ….

බියගම පොලිස් ස්ථානය තුලදී කොස්තාපල්වරයකු අත රැඳි ටී 56 ගිනි අවියක පත්තු වී පොලිස් සැරයන්වරයකුගේ පාදයකට හා අතකට තුවා සිදුව ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් කොස්තාපල්වරයකු රාජකාරි සඳහා පිටව යාමට පෙර චෝදනාගාරය තුළදී ටී 56 ගිනි අවියක් ලබාගෙන ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීමට යාමේදී අත්වැරදීමකින් ක්‍රියාත්මක වී උන්ඩ තුනක් පිට වී ගොස් ආරක්ෂක පෙට්ටිය ද සිදුරු කර පරිගණක කාමරයේ සිටි පොලිස් සැරයන්වරයකුගේ ශරීරයේ වැදී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වෙඩි ප්‍රහාරය සැරයන්වරයාගේ වම් අතට සහ වම් කකුලට වැදී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පවසයි.

වෙඩි වැදීමෙන් ආරක්ෂක පෙට්ටියට ද අලාභ සිදු වී ඇත.

සැරයන්වරයා පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගෙන ඇති බව වාර්තා වේ.

Related posts

පවුල් ලක්ෂ 29කට මාස දෙකක් නොමිලේ සහල්

Admin

කසළ ප්‍රතිඅපනය කිරීම, සරුංගල්, සුවද දුම්, වෙසක් පහන් ආනයනය කිරීම තහනම් කෙරේ

colombotoday

සාමාන්‍යපෙළ අසමත් වුවත් උසස්පෙළ කැමති අංශයකින් හදාරන්න අවස්ථාව දෙනවා – අධ්‍යාපන ඇමති අකිල

colombotoday

‘රට වෙනුවෙන් එකට සිටිමු‘ ජාතික වැඩසටහන අද ඇරඹෙයි…

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

බැසිල් යටතේ තිබූ විෂය පථයන් කිහිපයක් අගමැති යටතට

colombotoday