කැලණිය – ගෝනවල ප්රදේශයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක් හමු වී තිබේ.
මීට දින කිහිපයකට පෙර ඇය මිය ගොස් ඇති බවට පොලිසිය සැක පළ කරයි.
කැලණිය – ගෝනවල ප්රදේශයේ නිවසකින් අධික දුර්ගන්ධයක් හමා යන බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අදාළ කාන්තා මළ සිරුර සොයාගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය අදාළ නිවසේ තනිව ජිවත් වූ කාන්තාවක් බව අනාවරණය වී ඇත.