Colombo Today Local News

ටෙලිකොම් ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි පෙත්සම් දෙකක් විසිවෙයි

ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබුණි.

ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බවට මෙම පෙත්සම්වලින් චෝදනා කර තිබුණි.

එම චෝදනාවේ කිසිදු පදනමක් නොමැති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා බ්‍රිතාන්‍යය ඇතුළු ලෝකයේ ප්‍රධාන රටවල් ගණනාවකම විදුලි සංදේශ කටයුතු පෞද්ගලීකරණය කර තිබෙන බවත් සඳහන් කර තිබේ.

ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීරණය කර ඇත.

Related posts

මන්නාරමෙන් වළදමා තිබූ මත් කරල් 24,000ක් මාට්ටු

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට පෞ. බස් ධාවනයෙන් ඉවත්වීමේ තීරණයක්

colombotoday

මිල කළ නොහැකි වටිනා මැණික් 3ක් ආරක්ෂාවට ලංකා බැංකු සේප්පුවේ තැන්පත් කිරීමට රැගෙන යයි

colombotoday

ඇමතිවරු මාරුවෙනකොට ප්‍රතිපත්ති මාරුවෙන්න බෑ – ගෝඨාභය රාජපක්ෂ

colombotoday

මුදල් ඇමතින් නොදන්නා මිල සූත්‍රය ඊයේ රෑත් කැරකෙයි… පෙට්‍රල් මිල රු 6-8 කින් උඩ යයි…

colombotoday

රිෂාඩ් බදුයුදීන් එල්ල කල මරණ තර්ජනය ගැන සහකාර අධිකාරීවරයෙකු යොදවා වෙනම පරීක්ෂණයක්

colombotoday