Colombo Today Local News

කාන්තාවකට වෙඩි තැබිමක්

මැදිරිගිරිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් 36 හැවිරිදි වියේ පසුවූ මිරිස්හේන ධීවර ගම්මානය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවූ මිරිස්හේන ධීවර ගම්මානය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

සිය නිවස ඉදිරිපිට පිහිටි තම මවගේ නිවසට ගොස් යළි නිවසට එමින් සිටියදී මෙම කාන්තාවට සැඟවී සිටි අයෙකු වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ එම කාන්තාව මැදිරිගිරිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.

ඇයගේ අනියම් සැමියා සමඟ ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.

වෙඩි ප්‍රහාරය එල්ලකළ සැකකරු පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මැදිරිගිරිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

Related posts

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට පහර දුන් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

මහින්ද අගමැති වීම වළක්වන ව්‍යවස්ථා සංශෝධනයකට ශ්‍රීලනිප එකගතාවය !

colombotoday

අද කොවිඩ් එන්නත් ලබා දෙන ස්ථාන

colombotoday

විල්පත්තුවේ වන සංහාරය නැවත අරඹයි – පොලිසියේ, වනසංරක්ෂණයේ අතපය බැඳලාද?

colombotoday

දේශීය සහල් නොමැතිව අළෙවිසල් වැසෙන ලකුණු

colombotoday

ඉන්දු සයුරේ “ස්වර්ණ නැව්තොට” චීනයට භාරයි.. ගිවිසුම අත්සන් තැබේ !

colombotoday