Colombo Today Local News

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් වෙඩි තබයි

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක පී.ඩී. අබේරත්න මහතා විසින් පිරිසක් බිය ගැන්වීම සඳහා අහසට වෙඩි තබා ඇති බවට ලද පැමිණිල්ලක් මත හොරණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එම ගිනි අවියට නීත්‍යානුකූල බලපත්‍ර තිබෙන බවට ද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

මන්ත්‍රීවරයා හොරණ ධීරානන්ද මාවත ප්‍රදේශයේ ඔහුට අයත් පෞද්ගලික තේ ඉඩමකට ගොස් සිටියදී එම ඉඩමට අනවසරයෙන් ඇතුළු වී එම ඉඩමේ රැඳී සිටි ආගන්තුක පිරිසක් සමග ඇතිවූ බහින්බස් වීමකින් පසු එම පිරිසෙන් අයකු හිටපු මන්ත්‍රීවරයාට පොරවකින් පහරදීමට උත්සාහ දැරීමෙන් පසුව වෙඩි තැබීම සිදුකර ඇති බව ද සඳහන් වේ.

මන්ත්‍රීවරයා ඔහු සතුව තිබෙන මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවියෙන් අහස දෙසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුව ඇති බව පොලිසිය කියයි.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න සහ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. එස්. පනාවල මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

Related posts

මැති – ඇමතිවරු ජනතාව වෙනුවෙන් අයවැය අහපු හැටි මෙන්න (PHOTOS)

colombotoday

ඩොලර් හිඟමනේ යාමට අවශ්‍ය නැහැ ‘පැන්ඩොරා‘ හෙළි කළ ඩොලර් වහාම රටට ගෙන එන්න

colombotoday

මැතිවරණ නිරීක්ෂකයෝ, පක්ෂ ලේකම්වරු කොමිසමට කැදවයි

Admin

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා කණපිට පෙරළයි !

colombotoday

ගත වූ මාසය තුළ ‘වන’ විනාශය දිනකට අක්කර 03ක්

colombotoday

රාජ්‍ය ආදායම ඉහළ ගියහොත් පළමුව රාජ්‍ය සේවකයන්ට සහන

Admin