Colombo Today Local News

බිල් නොගෙවූ අයගේ ජල කපන්න ගිය සේවකයාට තඩි බාලා

තංගල්ල දංකැටිය වීරමාවතේ නිවසක ජලය විසන්ධි කළ තංගල්ල ජල සම්පාදන මණ්ඩලයේ සේවකයකුට එම නිවසේ සිටි අයකු පහරදී ඇතැයි තංගල්ල පොලිසිය පවසයි.

පහරදී ඇත්තේ තංගල්ල ජල සම්පාදන මණ්ඩලයේ පයිප්ප වෑද්දුම් කරුවකු ලෙස කටයුතු කරන එච්.බී.සිරිශාන්ත නමැති සේවකයාටය. ඔහු ප්‍රතිකාර සදහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

තංගල්ල ජල සම්පාදන මණ්ඩලයේ කාර්මික නිළධාරිනිය ඇතුළු සේවක පිරිසක් තංගල්ල ප්‍රදේශයේ ජල බිල්පත් නොගෙවූ අයගේ ජල සම්බන්ධතා විසන්ධි කිරීමට ගොස් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා ඇතැයි පොලිසිය කියයි.

Related posts

පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ වැන්දඹුවන්ට ගෙවන වැටුප් ගැන තීරණයක්

colombotoday

“එක ගඩොලක් ගැලවුණා.. අනිත් ගඩොලුත් එකින් එක ගැලවෙයි“ – මහින්ද

colombotoday

ආණ්ඩුවේ කන්තෝරුවේ වීදුරුව බින්දාට පෙරටුගාමී ලේකම් අත්අඩංගුවට

colombotoday

මහනුවර ගැටුම්වලට ආණ්ඩුවේ ප්‍රබලයන් සම්බන්ධයි – ආන්දෝලනාත්මක රහසක් රවී හෙළි කරයි

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව ගැන රන්ජන් කල් තියා කියයි.. කට පරිස්සම් කරගන්නැයි රනිල් දැනුම් දෙයි…

colombotoday

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද රිමාන්ඩ්

Admin