Colombo Today Local NewsUncategorized

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීමට අයෝජකයින්ගෙන් අයැදුම්පත් කැඳවයි

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීම සඳහා අයෝජකයින්ගෙන් අයැදුම්පත් කැඳවා තිබේ.

එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කරන්නේ, ඒ යටතේ සංචාරක ප්‍රවර්ධනය හා වෙනත් කටයුතු සඳහා අයෝජනය කිරීමට පෞද්ගලික අංශයෙන් යෝජනා ලබා දෙන්නැයි ඉල්ලා ඇති බවයි.

ලබන 24 වැනි දා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බව ඔහු පවසයි.

මේ යටතේ මුහුදු බඩ මාර්ගයේ කොම්පඤ්ඤ වීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය හා වැල්ලවත්ත යන දුම්රිය ස්ථාන ආශ්‍රිතව ඉඩම් බදු දීමට අපේක්ෂිතයි.

මීට අමතරව උඩරට මාර්ගයේ සංචාරක ආකර්ශනයක් ඇති පරිසර පද්ධති ආශ්‍රිත දුම්රිය ඉඩම් ද බදු දීම සඳහා අයැදුම්පත් කැඳවා ඇත.

කෙසේ වෙතත් මෙම ඉඩම් බදු දීමේදී ව්‍යාපෘති යෝජනාවල ඵලදායිතාව, සංවර්ධන ක්‍රියාවලියට ඉන් ඇති දායකත්වය මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා පවත්වාගෙන යාමට බාධාවක් නොවීම යන කරුණු සැලකිල්ලට ගනු ලබයි.

Related posts

රාජ්‍ය ලාංඡනය අවභාවිතා කළ උලමා සභාව මට්ටු වෙයි.

colombotoday

අරුග්ගොඩ සලිදුගේ කෝටි දෙකක මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි

colombotoday

සියතින් වෙඩි තබාගෙන ලුතිනන් මිය යයි.

colombotoday

නි.ඇමති තෙවරප්පෙරුම බෙල්ලේ ‍වැල දා ගනී !

colombotoday

“සාම්පූර් ගල් අගුරු බලාගාරය ඉදිකරන්නේ නෑ“ – අමාත්‍යාංශය අධිකරණයට කියයි

colombotoday

(VIDEO) හමුදා ආරක්ෂක බලඇණිය හිටපු සේනාධිනායකයාගේ දෙපා වැඳ සමුගනී

colombotoday