Colombo Today Local News

ජනාධිපතිගේ ඉතිහාස පාඩම සහ අනාගත අභියෝගය

භූතානයේ අගනුවර වූ තිම්පු නුවර 1985 ජුලි 8 සිට 13 දක්වාත්, අගෝස්තු 12 සිට 17 දක්වාත් තිම්පු සාකච්ඡාව නමින් හැදින්වෙන සාකච්ඡාවක් පැවැත්විණි මෙහිදී දෙමළ පක්ෂ සහ සන්නද්ධ පිරිස කරුණු 4ක් ඉදිරිපත් කෙළේය. ‘තිම්පු මූලධර්ම‘ ලෙස හැඳින් වූ මේ මූලධර්ම සාකච්ඡාවන් අර්ථවත් කර ගැනීමට පදනම විය යුතු බව ඔවුහු කියා සිටියහ. ඒ කරුණු හතර පහතින් දැක්වේ එහි හතර වැනි කරුණ සම්බන්දයෙන් තර්කයක් නැත. නමුත් මුල් කරුණු හතර සම්බන්දයෙන් විවාදයක් පවතී. දෙමළ පක්ෂ (නමින් පිහිටුවාගෙන ඇත) තවමත් මෙම කරුණු නියෝජනය කරන බව පැහැදිලිය ජනාධිපති සහ ආණ්ඩුව මෙකි මුල් කරුණු හතර පිළිගන්නේද යන්න සම්බන්දයෙන් රටට ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කල යුතුව ඇත. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුව පක්ෂයක් ලෙස මෙකි යෝජනා පිළිගන්නේද යන්න රටට කිව යුතුය.

  1. දෙමළ ජනයා ජාතියක් ලෙස පිළිගැනීම.
  2. හඳුනාගත් නිජබිමක් ඇති බව පිළිගැනීම.
  3. දෙමළ ජනතාවට ස්වයං – තීරණය සඳහා ඇති අයිතිය පිළිගැනීම.
  4. රට තුළ සිටින සියලුම දෙමළ ජනයාට පුරවැසිභාවයට හා මානව හිමිකම්වලට ඇති අයිතිය පිළිගැනීම තිම්පු මූලධර්ම විය.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් හෙක්ටර් ජයවර්ධන මහතා සහභාගි විය. ඔහු සමඟ වූ සෙසු නියෝජිත කණ්ඩායමට එම්.එල්. ද සිල්වා, එස්.එල්. ගුණසේකර ද ඇතුළත් වූහ. දෙමළ නියෝජිත පිරිසට ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ්,ඊරෝස්, ප්ලොට් සහ එල්.ටී.ටී.ඊ. යන එක් එක් සංවිධානයන්ගෙන් දෙදෙනෙක් ඇතුළත් වූහ. මෙහිදී එල්.ටී.ටී.ඊ.ය වෙනුවෙන් ප්‍රධානත්වය ගෙන තිබුණේ ලෝරන්ස් තිලකර්ය. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා දුත කණ්ඩායම ඉහත කරුණු කොන්දේසි සහිතව ප්‍රතික්ෂේප කල බව එවකට මාධ්‍ය විසින් වාර්තා කරන්නට විය. මෙම සාකච්ඡාවේ දෙවැනි වටය අසාර්ථක වූ අතර ප්‍රභාකරන් දෙවැනි වටයට සහභාගිවීම පවා ප්‍රතික්ෂේප කළේය. අනෙකුත් සංවිධාන තමන්ගේ පළමු වටයට සහභාගිවූ නියෝජිතන් දෙදෙනාගෙන් එක් අයෙකු පමණක් දෙවැනි වටයට සහභාගී කරවීමට කටයුතු කල අතර මෙය ප්‍රභාකරන්ගේ කෝපය අවුස්සන්නට හේතුවිය. තිම්පු සාකච්ඡාවලින් පසුව ශ්‍රී ලංකා අර්බුදය වෙනස්ම සංකීර්ණ ස්වරූපයක් ගත්තේය. ත්‍රස්තවාදීහු සිය ම්ලේච්ඡ ක්‍රියා තවත් දැඩි කළහ. 1985 අගෝස්තු 2 වෙනිදා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෝමාවතිය ප්‍රදේශයට ආසන්න තිරුකෝණමඩු ගම්මානයට එල්.ටී.ටී.ඊ.ය ප්‍රහාරයක් එල්ල කල අතර එහිදී සාමාන්‍ය වැසියෝ හයදෙනෙක් මිය ගියහ හතළියකට අධික ප්‍රමාණයක් තුවාල ලැබුවේය,රටම කම්පාවට පත්කරමින් අනුරපුර ශ්‍රී මහා බෝධිය අසලදී බැතිමතුන් 150කට ආසන්න පිරිසක් ඝාතනය කළහ. පසුව ප්‍රභාකරන් සිය ත්‍රස්තවාදී අරමුණට එරෙහිව සාම සාකච්ඡා වෙනුවෙන් පෙනී සිටි දෙමල දේශපාලන නායකයන් සියල්ලන්ම පාහේ ඝාතනය කළේය.

මෙකි ලේ වැකුණු ඉතිහාසය දන්නා ලාංකිකයන්ට වර්තමානයේ ඇසෙන සමහරක් කතා මගින් ජනිත කරන්නේද භීතියකි නැතිනම් ත්‍රාසයකි. තිම්පු යෝජනා, වඩුකොඩෙයි සම්මේලන යෝජනා ආදියෙහි මෙන් ම එයට පෙර ෆෙඩරල් හෙවත් දෙමළ රාජ්‍ය පක්‍ෂයේ (තමිල් අරසු කච්චි) ප්‍රතිපත්ති ප්‍රකාශවල ද ඒ කරුණු යම් ආකාරයකින් දැක ගත හැකි විය. මේ මොහොතේ ජනාධිපතිවරයා සහ දෙමල ජාතික සන්ධානය අතර පවතින සාකච්ඡාව කුමක්ද යන්න හරි හැටි පැහැදිලි නැත.මේ දක්වා ගෙන ඇති තීරණ මොනවාද යන්නද අපි දන්නේ නැත.දෙමල ජනයා වෙත සාධාරණ අයිතීන් ලබාදීම සම්බන්දයෙන් අපිට ගැටළුවක් නැත නමුත් සියල්ල විනිවිද භාවයක් සහිතව සිදුවිය යුතුය.දෙමල ඩයස්පෝරා ඩොලර් ලබාගැනීමේ අරමුණින් දෙමළ ජාතික සන්ධානයේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමට අපට කිසිසේත්ම එකගවිමට හැකියාවක් නැත.රටේ ඉඩම් අයිතිය හෝ මානව හිමිකම් නිතිය හා සාමයට අදාළ සියලු කාරනා සමස්ත රටවැසියා සම්බන්දයෙන් පොදුවේ ක්‍රියාත්මක වීම අපට ගැටළුවක් නැත.සුවිශේෂී අයිතිවෛකම් කිසිදු කණ්ඩායමකට හිමිවිය යුතු නැත. එය නැති ප්‍රශ්නයක් ඇති කිරීමක් ලෙස අපි දකින්නෙමු.


සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මේ සම්බන්දයෙන් පැහැදිලි ඉක්මන් ප්‍රකාශයක් කල යුතුව ඇත. ඔහු තිම්පු යෝජනා පිළිගන්නේද යන්න රටට පැවසිය යුතුය. දැන් සජිත් ප්‍රේමදාස සමග ගිවිසුම්ගත වීමට සුදානම්වන ඩලස්,ඩිලාන් කලක් මල්බෙරි කණ්ඩායම නමින් පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් සකස්කරගනිමින් බෙදුම්වාදී න්‍යාය පත්‍රයට කඩේ ගිය පිරිසක් බව අපට මතකය. ඒ සමග සිටින මහාචාර්ය ජි.එල් පිරිස් චන්ද්‍රිකාගේ සාම වෙළෙන්දා බව අපට අමතක කල නොහැක.සුදු නෙලුම්,තවලම් සියල්ලේ ප්‍රමුඛ කාර්ය භාරයක් ජි.එල් රග දැක්වූ බව අපට මතකය.මොවුන් දැන් දැන් රංචු ගැසීමට සැරසෙන්නේ ප්‍රේමදාස සමගය එබැවින් සජිත් ප්‍රේමදාස මේ සම්බන්දයෙන් ඉතා ඉකමනින් රට හමුවේ ප්‍රකාශයක් කල යුතුය.

පොහොට්ටුවේ නැතිනම් රාජපක්ෂලාගේ සරණින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත්ව සිටින වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනතා ඡන්දයක් ලැබී නැත. ඔහු සතුව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි වූ ජනතා බලයේ දිගුවක් පමණි. ඒ රාජපක්ෂවරුන්ගේ කැමැත්ත තිබෙනතුරු පමණි. එබැවින් දෙමල ජාතික සන්ධානයේ හෝ වෙනත් ඕනෑම කණ්ඩායමකගේ ජාතික වශයෙන් විසංවාදයට තුඩු දෙන අරමුණු ඉටු කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට ජනතා බලයක් ලබාදී නැත. පුරා විද්‍යා කොමසාරිස් රාජ්‍ය නිලධාරියෙකු ලෙස රටේ ජනාධිපති ඉදිරියේ තමාගේ විෂය සම්බන්දයෙන් කුරුමිට්ටේකු බව පෙන්වීමෙන් ඔහු එම තනතුරට නුසුදුස්සෙකු බව පෙන්නුවේය. මීටද වගකිව යුත්තේ පාලකයන් මිසක රටේ බහුතර ජනතාව නොවන බව අපි අවධාරණය කරන්නෙමු.

-කිර්ති දුනුවිල-

Related posts

මහ පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරමක තතු STF අනාවරණය කර ගනියි : කේරළ ගංජා සහ කහ තොගයක් අත්අඩංගුවේ

colombotoday

මේජර් ජෙනරාල්ලා ලියන්නෙ ළමා කතා – ඊට වඩා ITN එකේ “SEX” කතා හොදයි – පෙරටුගාමින්

colombotoday

නව තානාපතිවරු දහතුන් දෙනෙක් පත්කෙරේ – සංගක්කාර එංගලන්තය එපා කියයි

colombotoday

පෑළියගොඩ මත්ස්‍ය වෙළෙදුන්ගෙන් කොරෝනා ආසාදිතයින් හමු නොවෙයි

colombotoday

කළුගඟේ මැණික් නිධානය රකින්න STF යොදවයි…

colombotoday

ලොරි චැසි බස්වලට තිත !

colombotoday