Colombo Today Local News

නිදහස් චතුරශ්‍රයේ ආරක්ෂාව භාර සමාගමේ කොන්ත්‍රාත්තුව අගමැති අනින් ඉවතට

nidahase hukanna diyawu

කොළඹ 7 නිදහස් චතුරස‍්‍රයට ආරක්ෂාව සැපයීම සඳහා කොන්ත‍්‍රාත් හිමිව තිබූ ආරක්ෂක සමාගමෙන් එම කොන්ත‍්‍රාත්තුව ඉවත් කිරීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා’

විදේශ කටයුතු නිියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත්තේ රජයට අනුබද්ධ අදාළ සමාගමේ මෙහෙයුම් ප‍්‍රධානියා වහා ඉවත් කරන ලෙසට ද අග‍්‍රාමාත්‍යවරයා සංස්කෘතික අමාත්‍යංශයට දැනුම් දී ඇති බවයි’

නිදහස් චතුරස‍්‍රයට පැමිණ සිටි පෙම්වතුන් යුවලක් ඉන් ඉවත් කිරීමට එහි ආරක්ෂාව භාරව සිටි ආරක්ෂක නිලධාරීන් පිරිසක් පසුගිය සිකුරාදා කටයුතු කර තිබුණා’ ඒ ඔවුන් අවිනීතව හැසිරුණු බව දක්වමින්’ කෙසේවෙතත් තමන් කිසිදු අයුරකින් අවිනීත අයුරින් කටයුතු නොකල බව එම පෙම්වතුන් අවධාරණය කර තිබුණා’ මෙම සිදුවීමට විරෝධය පා “අලුත් පරපුර” නමින් හදුන්වා ගන්නා, යහපාලන රජය ගොඩනැගීම සදහා කැපවී වැඩකළ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ නිදහස් චතුරස‍්‍රයේ නිහඩ විරෝධතාවක නිරත වූ අතර රජය වෙනුවෙන් ඊට සහභාගී වූයේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතායි’

තරුණ පරපුරට විනීතව නිදහසේ කටයුතු කිරීමට ඇති අයිතිය තහවුරු කරන ලෙස අග‍්‍රාමාත්‍යවරයාගෙන් කල ඉල්ලීමකට සාර්ථක ප‍්‍රතිචාර හිමිවූ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ’ මේ අතර ධුරයෙන් ඉවත් කරනු ලැබූ අදාල ආරක්ෂක සමාගමේ මෙහෙයුම් ප‍්‍රධානියා හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් පත්කරනු ලැබූ අයෙකු බව ද ඔහු දැනටත් කෝට්ටේ මහ නගර සභාවේ සභිකයෙකු ලෙස කටයුතු කරන අයෙකු බව ද හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කලා.

දැවන්ත ආර්ථික හා සමාජයීය ගැටළු රැසකට රට මුහුණපා තිබියදී ඒ පිළිබද වගේ වගක් නොමැති “අලුත් පරපුරේ” තරුණයන් යැයි කියාගත් හැපිචෝල් රැළක් විසින් නිදහස් මන්දිරයේ පෙම් කෙළිමේ නිදහස ඉල්ලා ඊයේ දියත් කළ විරෝධතාවය සම්බන්ධයෙන් සමාජජාලාවලින් දැඩි විවේචන,උසුළු විසුළුද එල්ල වී තිබිණි.

නොරටුන් හට රට විකුනයි අපිට ඒව කමක් නැතේ
ආර්ථිකේ කඩා වැටෙයි අපිට වගේ වගක් නැතේ
දවස ගානෙ මිනී මැරෙයි ඒව අපිට පේන් නැතේ
ඒ පැත්තෙන් අලුත් පරපුරේ අපි හරි වෙනස් පුතේ

නිදහස් චතුරස්‍රෙ අපිට ලව් කරන්ට දියව් දියව්
ඔය තැන් වල මුරට ඉන්න සික්කො එලව දමා පියව්
සංස්කෘතිය අපිට එපා ඒක භංග කරා පියව්
අලුත් පරපුරේ අපගේ දැවෙන ප්‍රස්නෙ විසද දියව්

Related posts

දකුණේ ධීවරයන් උතුරට යාම නවතන්න හිටපු මන්තී‍්‍ර තුරෙයිරාසා රවිහරන් දැඩි උත්සාහයක | ධිවරයොත් උසි ගන්වයි

colombotoday

කාති උසාවිය අහෝසි කරන්න- විශ්‍රාමලත් මහාධිකරණ රෙජිස්ට්‍රාර් ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලයි.

colombotoday

සමගි ජන බලවේගයේ කිසිවෙක් ඩීල් දැමීමට සුදානමක් නෑ- හැරිසන්

colombotoday

Video: හර්ෂ ද සිල්වා සහ ජනක රණවක කෝට්ටේ ගැටුමක

colombotoday

තැපැල් ඡන්ද දින මේ දක්වාත් ප්‍රකාශයටපත් කර නොමැති බව මැතිවරණ කොමිසම පවසයි

colombotoday

මෛත්‍රි යන්න කලින් සිංහරාජය තුන්ගුණයකින් වැඩි කරලා

colombotoday