සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද(9)දින දැනුම් දුන්නේය.
ඒ අනුව එම පුරප්පාඩුවට තේරීම් කාරක සභාව විසින් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පත් කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය කතානායකවරයා කීය.