Colombo Today Local News

බාල්කයක එල්ලෙමින් තිබූ මවගේ සිරුරේ එල්ලී මහා හඬින් විලාප දුන් සිඟිත්තා

නිවෙසේ බාල්කයක එල්ලෙමින් සිටි මවගේ දෙපා අල්ලාගෙන වයස අවුරුදු එකහමාරක බිළිඳකුගේ නැඟූ විලාපය නිසා 22 හැවිරිදි මව ගැන තොරතුරු සොයාගැනීමට හැකි වූ බව ගම්පොල පුපුරැස්ස පොලිසිය පවසයි.

පුපුරැස්ස ඩේල්ටා වත්ත උතුරු කොටසෙන් මෙම අවසනාවන්ත සිද්ධිය වාර්තා වේ.

22 හැවිරිදි තරුණ මවගේ සිරුරු රෙදි කැබැල්ලකින් නිවසේ බාල්කයක එල්ලී තිබී ඇති අතර ඒ වන විටත් නිවසේ තිබූ කැසට් යන්ත්‍රයක් ද මහ හඬින් ක්‍රියාත්මක වෙමින් තිබී ඇත.

එයින් නැගෙන හඬ ද පරයමින් කුඩා දරුවකු බොහෝ වේලාවක් හඬන අයුරු ඇසුනු අයකු ඒ පිළිබඳව සොයා බැලීමේදී මෙම කාන්තාව වහලයේ එල්ලී සිටින අයුරුත් දරුවා ඇගේ දෙපා අල්ලා ගෙන විලාප අයුරුත් දැක අවට සිටින පිරිස හට ඒ බව දන්වා ඇත.

ඔවුන් පැමිණ වහාම රෙදි පොට කපා ඇය බිමට ගෙන එම වත්තේ වෙද්‍යවරියට මෙය දැන්වීමෙන් පසු ඇය පැමිණ මෙම කාන්තාව මිය ගොස් ඇති බව දන්වා තිබේ.

ඒ අනුව පුපුරැස්ස පොලිසිය පැමිණ පරික්ෂා කිරීමේදී ඇය දරුවාට ඉංග්‍රීසියෙන් ලියූ ලියුමක් ද හමුවී ඇත.

රත්තරන් ඔයා පරිස්සමට මම යනවා මීට මමා යැයි එහි සඳහන්ව තිබී ඇත.

Related posts

රජය විසින් ආරම්භ කල එළවලු මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සාධනීයයි – ජනතා විමුක්ති පෙරමුණ

colombotoday

20 සංශෝධනයේ පෙනෙන නොපෙනෙන අරමුණු

colombotoday

පස්සර මාර්ගයට ගල් පර්වතයක් පෙරළෙයි

Admin

ගාලු පාරෙන් කොටසක් ගිලාබසී

Admin

නීතිවිරෝධී ගිනිඅවි සමග දෙදෙනෙක් අල්ලයි

colombotoday

“ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගාල්ලෙන් ඉවත් කරනවා” – ඇමති වජිර අබේවර්ධන

colombotoday