Colombo Today Local News

ඩයනා නටන්නේ හැලියේ වතුර රත්වෙනකන් විතරයි

ඩයනා ගමගේ නටන්නේ හැලියේ වතුර රත්වන තුරු පමණක් යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක කොළඹ නගරාධිපති අපේක්ෂක මුජුබුර් රහුමාන් පැවසීය.

කොළඹ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මුජිබුර් රහුමාන් මේ බව කීය.

රටේ ස්වාධීන අධිකරණය ගැන සියයට සියයක් විශ්වාස කරන බවද ලංකාවේ පුරවැසිභාවය නැති ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව කුමන ගේම් ගැහුවත් අවසානයේ යුක්තිය ජය ගන්නා බව ද මුජුබුර් රහුමාන් සඳහන් කළේය.

මැතිවරණ කල් දමමින් ආණ්ඩුව නටන නැටුම ඉතා තාවකාලික බව කී රහුමාන් ඩයනාගේ නැටුම මෙන්ම ආණ්ඩුවේ නැටුමත් තව නොබෝ කලකින් අවසන් වීමට නියමිත බව ද සඳහන් කළේය.

Related posts

“මම ගැහුවනම් ගුටිකාපු කෙනා නවතින්නේ ඔපරේෂන් තියටර් එකේ” තෙවරප්පෙරුම ඇගේ හයිය ගැන කියයි

colombotoday

නාත්තන්ඩිය,අකුරණ,බේරුවල රෝගීන් වගකීමෙන් වැඩ කලානම් රටේ මිනිස්සු සිංහල අවුරුද්ද වෙනදා වගේම සමරනවා

colombotoday

පුද්ගලික බස් වර්ජනයෙන් ලංගමේට සරුයි.. ඊයේ වාර්තාගත ආදායමක්

colombotoday

රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තු ගෞරවයට හා උත්තරීතර භාවයට හානි කරනවා – හිටපු කථානායක කියයි

colombotoday

ශ්‍රී ලංකා ආර්ථිකය දකුණු ආසියාවේ 8වැනි තැනට ඇදවැටේ… අලුත්ම වාර්තා මෙන්න

colombotoday

“බුද්ධාගමට මුල්තැන දුන්නොත් බලාගෙනයි.. අනාගමික ව්‍යවස්ථාවක් හදනු“ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ගොරවයි

colombotoday