Colombo Today Local News

වැටලීමකට ගිය පොලිස් ජිප් රථයක් ප්‍ර්‍රපාතයට පෙරළේ…

රාත්‍රි මුර සංචාරය සදහා යොදවා තිබු නොර්වුඩ් පොලිසියේ ජිප් රථයක් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දී ප්‍රපාතයකට පෙරලී පොලිස් නිලධාරින් තිදෙනකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පවසයි.

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ වෙන්චර් තේ කර්මාන්ත ශාලාව අසලදි මෙම අනතුර සිදුව ඇත.

මෙම ජිප් රථය නොර්වුඩ් සෙන් ජොන් ටිලරි වත්ත ප්‍රදේශයේ සිට නොර්වුඩ් නිව්වැලි වත්ත ප්‍රදේශයේ අනවසර මැණික් ගැරිමක් වැටලිම සදහා යමින් තිබු අවස්තාවේ ජිප් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි තිබේ.

අනතුරෙන් තුවාල ලැබු පොලිස් නිලධාරින් තිදෙනා සෙන් ජොන් ටිලර් වත්තේ වතු කම්කරුවන් එක්ව රෝහල් ගත කර ඇත.

Related posts

අගමැතිට එරෙහි වූ ශ්‍රීලනිප ඇමතිලා ආණ්ඩුවෙන් ඉවත් කරන්නැයි එජාපය නිල වශයෙන් දන්වයි

colombotoday

ජෙහාන් ඇතුළු උද්ඝෝෂකයින් පිරිසක් රස පරීක්ෂක හමුවට

colombotoday

සබීතාගේ බිල්ඩිමට තවත් කෝටි හයක් ඉල්ලයි.. පරිපූරකය පාර්ලිමේන්තුවට

colombotoday

පුනරුත්ථාපන කාර්යාංශය පනතට එරෙහිව පෙත්සම් හයක්

colombotoday

කොරෝනා බවට තහවුරු වූ මිය ගිය පුතුගේ මෘත ශරීරයේ යළි PCR පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා පියා අධිකරණයට යයි

colombotoday

චීන මහ බැංකුවෙන් ලංකාවට ඩොලර්

colombotoday