Colombo Today Local News

සා/පෙළ විභාගය මධ්‍යස්ථාන 3ක් තුළ වංචා සිද්ධීන් 3ක්

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 3ක වංචා සිද්ධීන් 3ක් වාර්තා වී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ පිහිටි විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටි අපේක්ෂිකාවක් සිය ජංගම දුරකතනයෙන් ගණිත ප්‍රශ්න පත්‍රය ගුරුවරයකුට යවා WHATSAPP මාර්ගයෙන් පිළිතුරු ලබාගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හේනේගම මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී අපේක්ෂකයන් දෙදෙනකු ජංගම දුරකතන භාවිතයෙන් ගණිත ප්‍රශ්න ප්‍රතය වෙන් වෙන් වශයෙන් ගුරුවරුන් වෙත යොමුකර පිළිතුරු ලබා ගැනීමට යාමේදී නිරීක්ෂකවරයකුට හසුවී ඇත.

සීදුව දවිසමර විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී අපේක්ෂකයන් 5 දෙනකු සමාජ මාධ්‍ය භාවිතයෙන් ගණිතය ප්‍රශ්න පත්‍රය ගුරුවරුන් වෙත යොමුකර පිළිතුරු ලබාගැනීමේ සිද්ධියක් වාර්තා වූ බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මෙම සිද්ධින්ට සම්බන්ධ අපේක්ෂකයින්ට හා සම්බන්ධ වූ සෙසු පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Related posts

විෂ මත්ද්‍රව්‍ය, අපරාධ කල්ලි සාමාජිකයින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන තොරතුරු දෙන්න විද්‍යුත් ලිපින දෙකක්

colombotoday

දයා රත්නායක ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති තනතුරින් ඉවතට!

colombotoday

හම්බන්තොටටත් පැල ලක්ෂයක පොල් ත්‍රිකෝණයක්

Admin

කොරෝනා ආසාධිත සංක්‍යාව 197 දක්වා ඉහලට

colombotoday

ඉෂාලිනිගේ සිරුර ගොඩගැනීම 30වනදා.. දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්

colombotoday

අන්තවාදී අරාබිකරණය නවතනු !.. කොටුවේ විරෝධතා (Video)

colombotoday