Colombo Today Local News

අල්ලස් ගත් ගොවිජන සේවා නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදී

රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් ලෙස ලබාගත් අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අලවතුගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

පැමිණිල්ල සිදුකළ අදාළ පුද්ගලයා දීර්ඝ කාලයක සිට නිවසක් සාදා භුක්ති විඳින මල්ගමන්දෙණිය ප්‍රදේශයේ පිහිටි කුඹුරු ඉඩමේ කොටස කුඹුරු ඉඩම් ලේඛනයෙන් ඉවත් කර එය ගොඩ ඉඩමක් ලෙස නම් කර ඒ සඳහා ඉඩම් සහතිකයක් නිකුත් කිරීමට සැකකරුවන්ගෙන් එම අල්ලස් මුදල ඉල්ලා ඇති බව වාර්තා වේ.

අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාරවරයෙකු සහ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

මෙරටින් වාර්ෂිකව හඳුනා ගැනෙන ළමා පිළිකා රෝගීන් ගණන 900ක්

Admin

ජනපති හමුවට එජාපෙ නොයයි… මහජන උද්ඝෝෂණයක් කැදවයි…

colombotoday

අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න යෝජනා කිහිපයක්

Admin

ලාංකික සම්භවයක් ඇති දැරියක් අයින්ස්ටයින්ගේ – හෝකින්ස්ගේ බුද්ධිය පරදයි

Admin

අයවැය විසර්ජන සංශෝධන පනත 30 වැනිදා පාර්ලිමේන්තුවට

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු හඳුනා ගැනේ

colombotoday