Colombo Today Local News

දුම්රිය දෙපාර්තුමේන්තුවට කෝටි 1240ක පාඩුවක්

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව 2022 වසරේදී රුපියල් කෝටි 1240ක මෙහෙයුම් අලාභයක් වාර්ථාකර තිබේ.

දුම්රිය දෙපාර්තුමේන්තුව ඉකුත් 2021 වසරේදී වාර්ථා කළ මෙහෙයුම් අලාභය රුපියල් කෝටි 1030ක් වූ අතර 2022 වසරේදී එම අලාභය රුපියල් කෝටි 210න් ඉහළ යාම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවේ 2022 වසරේ ආදායම රුපියල් කෝටි 1110ක් වූ අතර එය 2021 වසරේ ආදායමට සාපේක්ෂව රුපියල් කෝටි 840න් ඉහළ ගොස් තිබිණ.

ඉන්ධන මිල ගණන් ඉහළ යෑම සහ පුනරාවර්තන වියදම් සැලකිය යුතු ලෙස ඉහළ යෑම හේතුවෙන් 2022 වසරේදී දුම්රිය දෙපාර්තුමේන්තුවේ සමස්ත වියදම රුපියල් කෝටි 4250ක් ලෙස සටහන්ව තිබිණ.

මෙම තොරතුරු අනාවරණය වන්නේ 2022 වසර සඳහා ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ වාර්ෂික වාර්ථාවේය.

Related posts

කොළඹ ලෝකෙන්ම අංක එකට එයි

colombotoday

තවත් බස් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි – රියදුරු මරුට

Admin

මහින්ද එක්ක පාකිස්ථානයට ගිය අයට වෙච්ච දේ !!

colombotoday

දුම්රිය නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම : පොලිසියට පැමිණිල්ලක්

colombotoday

නීති විරෝධීව ගෙන්නූ රට අරක්කු සිගරැට් තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

ශ්‍රී පාද වන්දනා සමය ගැන ගත් තීරණය

colombotoday