Colombo Today Local News

බැංකු ගිණුම්වලින් මුදල් ඇද්ද සැකකරුවෙක් පැමිණිලි 13කට පසු අල්ලයි

මුදල් වංචා කිරීම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුට එරෙහිව ගම්පහ, කැස්බෑව, රාගම, වේයන්ගොඩ, හෙට්ටිපොල, පානදුර දකුණ, මතුරට, තිහගොඩ, කෑගල්ල, අනුරාධපුර, ග්‍රෑන්ඩ්පාස් සහ ගොඩකවෙල යන පොලිස් ස්ථානවල පැමිණිලි 13ක් පවතින බව පොලීසිය පවසයි.

අදාළ පුද්ගලයා අන්තර්ජාලය හරහා විවිධ පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වලින් තමාගේ ගිණුමට මුදල් බැරකර ගැනීම් සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 04ක්, කුඩා ජංගම දුරකථන 03ක් සහ සිම්කාඩ් 73ක් සොයාගෙන තිබේ.

සැකකරු 31 හැවිරිදි කඳාන ප්‍රදේශයේ පදංචිකරුවෙකු වන අතර ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ඇමති රංගේ බණ්ඩාර නැවත පොලිස් සේවයේ පිහිටුවයි.. පොලිස් අධිකාරී තනතුරට උසස් කෙරේ

colombotoday

ස්විස් තානාපති නිලධාරිණිය පැහැර ගැනීම අතේ රෝලක් ! CCTV දර්ශන නෑ… කිසිම පොලිසියක පැමිණිල්ලකුත් නැ…

colombotoday

රනිල්ට 54%ක්

Admin

මන්ත්‍රී නිවාස සංකීර්ණයට විදුලි කපන්නේ නැහැ

colombotoday

දියවන්නා ඔයේ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක්

Admin

අලුත් අවුරුද්දට අද සිට සතොස හරහා සහන මල්ලක්

colombotoday