Colombo Today Local News

මූණට මිරිස්කුඩු ගසා රන්මාල කොල්ලකන සංවිධානාත්මක කණ්ඩායමක් අල්ලයි

මූණට මිරිස්කුඩු ප්‍රහාර එල්ලකර රන්මාල කොල්ලකන සංවිධානාත්මක කණ්ඩායමක පස්දෙනෙකු ජීව අත්බෝම්බයක්, වාහන සහ භාණ්ඩ කිහිපයක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, පන්විලහේන වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයන් බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් පස්දෙනා ත්‍රිරෝද දෙකෙන් සහ සොරකම් කල යතුරුපැදියකින් ගොස් මහමග ගමන්ගන්නා කාන්තාවන්ගේ මුහුනට මිරිස්කුඩු ප්‍රහාර එල්ලකර රන්මාල කොල්ලකා ඇති බවට හෙලිව ඇති බවත්, ව්‍යාපාරික ස්ථාන වල ඇති භාණ්ඩ සොරකම් කර ඇති බවත් පොලිසිය පවසයි.

කොල්ලකෑ රන්මාලයක්, ජෙරේටරයක්, වාහන සේදුම් යන්ත්‍රයක්, ජංගම දුරකථනය දෙකක් සහ කොල්ලකෑමට යොදාගත් ත්‍රීරෝද දෙකක් සමග සොරකම්කල යතුරුපැදියද සොයාගෙන ප්‍රධාන සැකකරු සන්තකයේ ජීව අත්බෝම්බයක්ද තිබී සොයාගත් බව පොලිසිය සදහන් කරයි.

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.

කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් වරුන්වන ජයසිංහ (51130) , බංඩාර (70395), කොස්තාපල් වරුන්වන ප්‍රභාත් (82857), අමරසිංහ, (97414), වීරසිංහ (102930 ) වැටලීමට එක්ව ඇත.

Related posts

මත්තලට ආ ‘ලොව ලොකුම ගුවන් යානයෙන්‘ එක් දවසකට රු. මිලියන 13ක ආදායමක්

colombotoday

සජිත් එජාප 71වැනි සම්මේලනය අමතද්දි පාක්ෂිකයෝ ගෙදර ගිහින්

colombotoday

ගාසා තීරයේ සිටි ලාංකිකයින් 13 දෙනෙකු ඊජිප්තු දේශසීමාවේ පවතින රෆා පිවිසුම අසලට

Admin

නිධන් සොයා කැණීමක් කල 5ක් අත්අඩංගුවේ

Admin

එජාප මන්ත්‍රීවරු 8ක් තනතුරු වෙනුවට කෝටි 50 බැගින් ඉල්ලයි

colombotoday

සම්ප්‍රදායට පිටුපාමින් වෙසක් පොහොය අප්‍රේල් මාසයට යොදා ගැනීම සිදුනොවිය යුත්තක් – මල්වතු පාර්ශවය

colombotoday