Colombo Today Local News

රුපියල ශක්තිමත් වීමේ වාසිය ගොවීන්ට… යූරියා මිටියක් රු:9000 දක්වා අඩු කරයි

රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් ගොවීන් වෙත අලෙවිකරන කිලෝග්‍රෑම් 50කින් යුත් යූරියා පොහොර මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ජුනි මස 15 වෙනි දින සිට මෙම මිල අඩුවීම ක්‍රියාත්මක වේ.

යූරියා පොහොර අඩුකිරීම පිළිබඳව අද (31)දින පැවති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන තිබේ.

ජුනි මස 10-12 අතර දිනයක මෙරටට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 31,500ක පොහොර නැවක් පැමිණීමට නියමිතය.

ඒ අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසියත්, ලෝක වෙළඳපොළේ යූරියා පොහොර මිල අඩුවීමේ වාසියත් ගොවීන්ට ලබා දීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

නැගෙනහිර මාංශ අලෙවිසැල් වසා දැමේ

Admin

චීනය ලංකාවේ කරන වැඩ ගැන ඉන්දියාවෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

“අපි හදපු ආණ්ඩුවෙන් පිටවෙලා යන්නේ මොකටද”

colombotoday

ඇලෝසියස්ගෙන් මම රුපියල් සීයක්වත් අරන් තිබුණා නම් ඉවරයි

colombotoday

ඉශාලිනීගේ මරණය සම්බන්ධයෙන් බදියුදීන්ට-බිරිඳට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවතට

colombotoday

“මෛත්‍රීපාල සිරිසේන කියන්නේ මහින්ද රාජපක්ෂට වඩා දරුණු කෙනෙක්“ – සමනලීගේ පශ්චාත්තාපය

colombotoday