Colombo Today Local News

සරුංගල් ආරවුලක් 16 හැවිරිදි සිසුවෙකුගේ අතක් වෙන්කර‍යි

මාතර වෙහරගම්පිටිය ප්‍රෙද්ශයේදී දී සරුංගල් යැවීම සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් පසු 16 හැවිරිදි පාසල් සිසුවෙකුට කඩුවකින් පහර දී අතක් කපා දමා බරපතල තුවාල සිදු කල බව කියන එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අද (26)දින සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

එම සිද්ධියෙන් අදාල සිසුවාගේ දකුණු අතේ මැණික් කටුවට ඉහලින් කැපී සම්පූර්ණයෙන්ම වෙන්ව ගොස් තිබු අතර පවුලේ ඥාතීන් කැපී ගිය අතේ කොටස අයිස් වල දමා රෝහල වෙත රැගෙන විත් තිබුණි.

පසුව මූලික ප්‍රතිකාර වලින් පසු පාසල් සිසුවාගේ අත බද්ධ කිරීම සදහා ඉක්මණින් කොලඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.

සරුංගල් යැවීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ඇති වු ආරවුලක් පසු මෙම කඩු ප්‍රහාරය එල්ල කර තිබෙන බව කියති.

කෙසේ වෙතත් ඊට සම්බන්ධ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු සැක පිට අත්අඩංගුවට ගෙන තිබු අතර ඔවුන් අද (26)දින සවස මාතර කොටවිල මහේස්ත්රාංත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චී හා අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති රුක්මන් කෝට්ටගේ යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

Related posts

එජාප ආණ්ඩුව පිහිටුවීම හෙට.. ඇමති මණ්ඩලේ 35යි.. ශ්‍රීලනිපයෙන් 10කුත් එයි??

colombotoday

ට්‍රම්ප්ගේ නව බදු සෙල්ලම සීමාවක් නැති භූමිකම්පාවක්!

Admin

අද ඩොලරයේ මිල මෙන්න

colombotoday

“ආර්ථික අපරාධකරුවන්ට දඬුවමක් නොදී රටවැසියන්ට කැපකිරීමක් කරන්නැයි කීම යුක්ති සහගත නැහැ”

Admin

වැලිකඩ ජේලර් ඝාතනයේ සැකකරු අයිස් සමඟ අත්අඩංගුවට

Admin

විශේෂඥ වෛද්‍ය සංගමයෙන් ලිපියක්… වෛද්‍ය එස්.සී.ආර් පෙරේරාට මැර ප්‍රහාරයක්

Admin