Colombo Today Local News

විනෝද චාරිකාවක් යන්න ගිය තරුණයෝ දෙකක් දුම්රියේ ගැටී අවසන් ගමන් යයි

විනෝද චාරිකාවක යාමට සූදානම් ව දුරකතන ඇමතුමක යෙදෙමින් දුම්රිය මාර්ගය දිගේ ගමන් කළ තරුණයන් දෙදෙනකු වදුරව දුම්රිය ස්ථානය ආසන්නයේදී අද අලුයම දුම්රියක ගැටීමෙන් මරණයට පත්ව ඇති බව වේයන්ගොඩ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වේයන්ගොඩ වදුරුව ප්‍රදේශයේ පදිංචිව සිටී කවිෂ්ක ලක්මාල් නැමැති 18 හැවිරිදි තරුණයෙකු සහ එස්.ඒ.තිවංක නැමැති 19 හැවිරිදි තරුණයෙකි.

මියගිය තරුණයන් දෙදෙනාගේ නිවෙස් දුම්රිය මාර්ගය ආසන්නයේම පිහිටා තිබෙන අතර විනෝද චාරිකාවක් යාම උදෑසන ම සූදානම් වී වදුරව දුම්රිය ස්ථානය දෙසට දුම්රිය මාර්ගය ඔස්සේ දෙදෙනා පා ගමනින් ගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

දෙදෙනා දුරකථන ඇමතුමක යෙදෙමින් ගමන් කරමින් සිටියදී ඔවුන්ගේ පිටුපසින් පැමිනි බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

Related posts

“අගමැති කරූ” ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රචාරක මෙහෙයුමක

colombotoday

අර්ජුන රණතුංග අධිකරණයට එයි

Admin

කොවිඩ් එන්නත් සහතිකය අනිවාර්ය කෙරේ?

colombotoday

බිඳවැටුණු සබඳතා අලුත් කරගන්න නෝර්වේ විදේශ ඇමති එයි

colombotoday

සැඩ පහරට හසුවූ ශිෂ්‍යත්ව හපනාගේ සහ පියාගේ සිරුර හමුවේ

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

colombotoday