Colombo Today Local News

2021 මහ කන්නයේ වී වගාවට ආනයනය කල නැනෝ පොහොර ගැන දූෂණ හොයන්න කමිටුවක්

2021 මහ කන්නයේ වී වගාවට නැනෝ දියර පොහොර ආනයනය නිසා යම් දූෂණයක් සිදුවී ඇත්දැයි සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත උසස් නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙි.

චීන කාබනික පොහොර නැවට ඩොලර් මිලියන 06.09ක මුදලක් ගෙවීම මෙන්ම නැනෝ දියර පොහොර යනුවෙන් මෙරටට ආනයනය කරන ලද පොහොර නිසා රටේ කෘෂිකර්මාන්තයට කිසිදු ප්‍රයෝජනයක් අත් වී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.

2021 වසරේ දී නැනෝ පොහොර ලීටර් ලක්ෂ 30ක් මෙරටට ආනයනය කෙරිණි.

නැනෝ පොහොර ආනයනය සම්බන්ධව යම් දූෂණයක් සිදුවී ඇත්ද යන්න පිළිබඳ දැනට ඉදිරිපත්ව ඇති පෙත්සම් සහ විගණකාධිපති වාර්තාවන් සැලකිල්ලට ගනිමින් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත අදාල කමිටුව පත්කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

කළුබෝවිල රෝහලේ සුළු සේවකයින් විරෝධතාවයක

colombotoday

සතොස අලාභය පහළ යයි

colombotoday

මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද

colombotoday

ආදාහනයෙන් පසු අළු භූමිදානය කරන්න පුළුවන්. නව නීතියට වහා යටත් වෙනු. උලමා සභාව මුස්ලිම් ජනතාවට කියයි

colombotoday

ජනපති ගත් හොඳම තින්දුව යාපනේ නාග විහාරාධිපති හිමි කියයි..

colombotoday

අංගොඩ ලොක්කාගේ මරණය තහවුරු කිරීමට DNA සාම්පලයක් ඉල්ලයි

colombotoday