පුද්ගලයන් 1,000ක් පමණ රැගත් බෝට්ටු දෙකක් මධ්‍යධරණී මුහුදේ අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉතාලි සහ මෝල්ටා බලධාරීන් පවසන්නේ මේ වනවිට ගලවා ගැනීමේ කණ්ඩායම්වල ඇමතුම්වලට පවා ඔවුන් ප්‍රතිචාර නොදක්වන බවයි.
මොවුන් දින කිහිපයකට පෙර ලිබියාවෙන් පිටත්ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.
ඔවුන් ගමන් කළ බෝට්ටුවේ එන්ජිම නතර වී ඇති බවට විශ්වාස කරන බවත් මානව හිමිකම් සංවිධාන කිහිපයක් මෙම බෝට්ටු සෙවීම සඳහා පිටත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.