Colombo Today Local News

ණය ප්‍රතිව්‍යුහගතකරණය සාකච්ඡා ගැන සුබ ආරංචියක්

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකව සිදුකෙරෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පවසන්නේ අදාළ සාකච්ඡා සැප්තැම්බර් සහ නොවැම්බර් අතර කාලසීමාවේදී නිම වෙතැයි බලාපොරොත්තු වන බවය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් පසුගිය මාර්තු මාසයේදී ලබාගත් අතර ඒ අනුව සැප්තැම්බර් මාසය වනවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය සැකසිය යුතුය.

එසේ නොවුණහොත් ආර්ථිකය නැවතත් යථාතත්ත්වයට පත්වීම පමාවිය හැකි බව විචාරකයෝ පවසති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව පවසා ඇත්තේ ජපාන අගමැති ෆුමියෝ කිශිදා සමග අදහස් හුවමාරුවක් සඳහා සූදානම් වෙමිනි.

එම හමුව ටෝකියෝ නුවර පිහිටි ජපාන අගමැතිවරයාගේ කාර්යාලයේදී පැවැත්විණි.

“ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා හොඳින් ඉදිරියට යනවා,” ජනාධිපතිවරයා පැවසීය.

Related posts

කොටි රූකඩ හා මානව හිමිකම් කුමාරයාගේ දෙබිඩි රංගනය

colombotoday

රට විවෘත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතී

colombotoday

තැපෑලෙන් යවන්න ගිය මත්පෙති මධ්‍යම තැපැල් හුවමාරුවේදී මාට්ටු

colombotoday

විදුලි බිල්පත් පිළිබදව ජනපති කරුණු විමසයි

colombotoday

බැදුම්කර වංචාවෙන් සේවක අර්ථසාධක අරමුදලට කෝටි 1490ක පාඩුවක් !

colombotoday

එප්පාවල පෙම්වතියගේ නිවසට පැමිණි නාවික සෙබළාට කොවිඩ්

colombotoday