Colombo Today Local News

මෙවර පොසොන් ජාතික උත්සවය පැවැත්වෙන මිහින්තලා පුදබිමට විදුලිය නෑ

මෙවර පොසොන් ජාතික උත්සවය පැවැත්වෙන මිහින්තලා පුදබිමට විදුලි ආලෝකය ලබාදිය නොහැකි බව අනුරාධපුර විදුලි ඉංජිනේරු ධම්මික ජයවර්ධන මහතා පොසොන් කමිටු රැස්වීමේදී දැනුම් දී තිබේ.

අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොලැබීම මීට මූලික හේතුව බව ද විදුලි ඉංජිනේරුවරයා පවසයි.

මිහින්තලේ රජමහා විහාරයේ මැදමළුවේ දී පොසොන් කමිටු රැස්වීම මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිගේ අනුශාසකත්වයෙන් පොසොන් කමිටුවේ සභාපති දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24)දින පැවැත්වුණි.

පොසොන් උත්සවයේදී ඉදිකරන මාර්ග බාධක, බැතිමතුන් ගිමන් හරින ස්ථාන, නාන තොටුපොළ, වැසිකිලි, ඉදිකර ඇති ස්ථානවලට විදුලිය ලබා ගැනීම සඳහා අවස්ථා කීපයකදීම විමසීමක් කළද ප්‍රතිපාදන නොමැති නිසා විදුලිය ලබා දිය නොහැකි බව විදුලි ඉංජිනේරුවරයා කියා සිටි.

මෙහිදී මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් කියා සිටියේ මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලේ වන්දනා මාන කටයුතු පන්දම් පත්තු කරගෙන සිදු කිරිමට සිදුව ඇති බවයි.

Related posts

ගම්මන්පිලගෙන් ජනපතිට තීරණාත්මක ලිපියක්.

colombotoday

යුගදනවි පෙත්සම් විභාගය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකාබලන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

colombotoday

මෝටර් රථයක් පැහැරගෙන යාමට ආ සීසර්ලා රිමාන්ඩ්

colombotoday

උත්සව සමයේ රථවාහන මෙහෙයුමට පොලිස් නිලධාරීන් 9000ක්|බීමත්ව රිය පැදෙව්වොත් ලැබෙන දඬුවම

colombotoday

වයිරසය ආසාදනය වූ අයෙකුගේ පවුලේ සාමාජිකයන්ටත් කොරෝනා

colombotoday

නව නිලධාරී මණ්ඩලයක් සමග ශ්‍රීලනිපය නව ගමනකට සැරසෙයි.. 03 දා ආණ්ඩුවෙන් ඉවතට?

colombotoday