Colombo Today Local News

අරගලයේ සංවිධායකවරයෙකුගේ ජංගම ගණිකා නිවාසයක් වටලයි

තරුණියන් ඉහළ ගණන්වලට අලෙවි කරන ජංගම ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය අරගල සංවිධායකවරයෙකු ඇතුළු 7 දෙනකු අඟුරුවාතොට රෙමුණ ප්‍රදේශයේ දී පානදුර වලාන දූෂණ මර්දන මර්ධන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් සිව් දෙනෙකු, ඔවුන් තවත් කුලී රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු ද වන බව පොලිසිය පවසයි.

ප්‍රධාන සැකකරු අරගලයේ මුල්පෙළ සංවිධායකවරයෙකු වශයෙන් කටයුතු කළ මොරටුවේ පදිංචි (33) හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ මොවුන් මෙම ජංගම ගණිකා ජාවාරම පවත්වාගෙන යන බවත්, පොලිසියට ලද තොරතුරකට අනුව උපාය දුතයෙකු යොදවා රුපියල් 55,000 ක මුදලකට කාන්තාවක් ඇණවුම් කළ බව පොලිසිය කියයි.

ඒ අනුව සැකකරුවන් පෙරේදා රාත්‍රියේ මෝටර් රථ දෙකකින් කාන්තාවන් සිව් දෙනෙකු රැගෙනවිත් ඇති විත් ඇති අතර එහිදී පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රධාන සැකකරු කලක පටන් මෙම ගණිකා ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවත්, එම ජාවාරමෙන් ඔහු විශාල වශයෙන් මුදල් උපයාගෙන ඇති බවටත් පොලිසියට තොරතුරු ලැබී ඇත.

Related posts

“ප්‍රභාකරන්ට බැරි වූ දේ කරන්න අපි අඛණ්ඩව උත්සහා කරනවා“ – TNA උතුරේදී කියයි

colombotoday

මිනිස්සු දැන් නිදහසේ ටිකක් නිදා නිදාගන්න හුස්ම ගන්න කැමති.. අරගල තිත්ත වෙලා

Admin

“ප්‍රතිලාභ ලැබුවත් දක්ෂිණ අධිවේගය නඩත්තු කරගන්නවත් මේ රජයට බෑ” – නාමල්

colombotoday

ජුආන් මෙන්ඩස්ගේ නිර්දේශ අනුව හමුදා ප්‍රතිසංස්කරණය කරන්නැයි බ්‍රිතාන්‍ය, රජයට දැනුම් දෙයි

colombotoday

උතුරේ දිස්ත්‍රික්ක 05 තුළ ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

colombotoday

ඊයේ කොවිඩ් මරණ 26ක්

colombotoday