Colombo Today Local News

ඩුබායි වලින් ආ නිකටින් අඩංගු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8,000ක් රේගු භාරයට

ඩුබායි සිට මෙරටට ආනයනය කළ බහාලුමක සඟවා තිබූ ෂීෂා යන්ත්‍ර සඳහා භාවිතා කරන නිකටින් අඩංගු මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට රේගු වරාය පාලන ඒකකයට හැකිව තිබේ.

කිලෝග්‍රෑම් 8,000ක ශුද්ධ බරින් යුත් එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 164ක් බවරේගු නිලධාරීන් සඳහන් කරයි.

ඔරුගොඩවත්ත, ග්‍රේ ලයින් 01 බහාලුම් පර්යන්තයේදී බහාලුම පරීක්ෂා කිරීමේ කටයුතු අද (18) පෙරවරුවේ සිදුකෙරුණි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ (සමාජ ආරක්ෂණ අංශය), යූ.කේ.අශෝක රංජිත් මහතා,

“ඩුබායි සිට ලංකාවට පැමිණිලා තියෙන්නේ ව්‍යාජ ලෙස ලංකාවේ ව්‍යාපාර ආයතනයක නමක් භාවිත කරලා. මේකේ නිකටින් 0.5ක ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ අනුව මේක ආනයනය කිරීම තහනම් සහ සීමා සහිත වෙනවා. අත්හැර දැමූ බහාලුම්, නිෂ්කාෂණය කිරීම ප්‍රමාද කරන බහාලුම් පිළිබඳ අපි අවධානයෙන් ඉන්නවා. කොහොමද මේක ගෙනාවේ සහ කවුද මේක පිටුපස ඉන්නේ කියන කාරණය ගැන.”

Related posts

“දිගින් දිගටම බලයේ හිටියොත් රජයට බහුතරය අහිමිවෙයි”

colombotoday

ආදාහනය බෑ බෑ බෑමයි. NGO ක්‍රියාකාරීන් 164 ක් ගේමට බසියි. ජනපතිට, WHO ඇතුළු බලධාරීන්ට ලියයි.

colombotoday

බෝගම්බර බන්ධනාගාර ඉඩම සංස්කෘතික හා සංචාරක ව්‍යාපෘති සඳහා අවුරුදු 50ක බදු පදනමට!

Admin

හිඟුරක්ගොඩ පාසල් දරුවන්ගේ පෝෂණ මල්ලෙන් ලක්ෂ 18ක් හොරා කාලා

colombotoday

උතුරු – නැගෙනහිර අද හර්තාල්

Admin

තෙල් වල කොමිස් එක යන්නේ කාටද මෙන්න පිළිතුර

Admin