Colombo Today Local News

වගා ආරක්ෂාවට නව ගිනිඅවි බලපත්‍ර නිකුත් කරන්න තීරණයක්

වගා ආරක්ෂණ කටයුතු සඳහා ගිනිඅවි බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ගිනිඅවි භාවිතය වෙනුවෙන් පෙර පැවති නීති සංශෝධනය කර ඇති අතර බලපත්‍ර නිකුත් කිරීම සඳහා තිබිය යුතු වගා භූමි ප්‍රමාණයක අක්කර 5 දක්වා සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බවය.

වසරක් තුළ විවිධ වන සතුන් හේතුවෙන් විශාල වශයෙන් බෝග විනාශයට පත්වන බැවින් කාලීන අවශ්‍යතාවක් ලෙස සලකා එම පියවර ගෙන තිබේ.

මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීම, ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීම සහ රටේ ආහාර සුරක්ෂිතතාවය සඳහා ධනාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.

වගා ආරක්ෂණ කටයුතු සඳහා ගිනිඅවි භාවිතය සම්බන්ධ තොරතුරු පිළිබඳ වැඩිදුර තොරතුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි ලබන 27 දා මෙරට නිල සංචාරයක

colombotoday

2021 අයවැය විවාදය දින 19 ක්

colombotoday

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට පහරදීම : ඇමති අරුන්දිකගේ පුතා අත්අඩංගුවට

colombotoday

ඇවන්ට්ගාඩ් 4,5 හා 6 සැකකරුවන් රිමාන්ඩ්

colombotoday

කාලකණ්නි කලාකාරයේ පිටරට ගිහින් කුඩුු ගහල ජාතිය වනසනව – සදුන් විජේසිරි

colombotoday

රාජිත සේනාරත්න අත්අඩංගුවට

colombotoday