Colombo Today Local News

සැකකරු පොලිස් ජිප් රථයෙන් පලා යයි – පීසිගේ වැඩ තහනම්

හෙරොයින් ළග තබා ගැනීම සහ වරෙන්තු කිහිපයකට අදාළව තලංගම පොලිසිය මගින් තලවතුගොඩ ප්‍රදේශයේ අත්අඩංගුවටගෙන සිටි සැකකරුවෙක් පොලිස් ජිප් රථයෙන් පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල් වරයෙකු ගේ වැඩ තහනම් කර ඇති බව පොලිසිය පවසයි.

නුගේගොඩ දිස්ත්‍රික් (¡¡) භාර පොලිස් අධිකාරීවරයා විසින් ඊයේ(16)දිනයේ සිට මෙම වැඩ තහනම සිදුකර ඇත.

හෙරොයින් මිලිග්‍රෑම් 6400ක් ළග තබා ගැනීම සහ වරෙන්තු කිහිපයකට අදාළව තලංගම පොලිසිය මගින් පෙරේදා (15)දින මෙම සැකකරු තලවතුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන ඇති අතර සැකකරු කළුබෝවිල රෝහලේ අධිකරණ නිලධාරියා හමුවට ඉදිරිපත් කර රාත්‍රියේ පොලිස් ජිප් රථයෙන් ළඟම පොලිස් ස්ථානය වෙත රැගෙන යන අතරතුර මාදිවල කිඹුලාවල ප්‍රදේශයේ දී සැකකරු ජිප් රථයෙන් පැන පලාගොස් ඇත.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

Related posts

බෞද්ධ විහාරස්ථාන ඉවත් කරන්න ඉල්ලා TNA මඩකලපුව ගිනි තබන්න යයි !

colombotoday

හාල් නෑ කියන්නේ කුහකකමට-මාලිමා මන්ත්‍රී

Admin

පක්ෂ නායක රැස්වීමේදී මනෝ ගනේෂන් ජනපතිගේ මුහුණටම කී‌ දේ

colombotoday

ඉන්දියාව දැඩි අවධානෙන් පසු වූ චීන නැව කොළඹට සේන්දු වෙයි

Admin

“කොහෙවත් යන ටීවී එකකින් ගේනඑක නෙවෙයි එකමඑක.. අපිත් ගේනවා පෙට් ස්කෑනරයක්.. ඒක මග එනවා” රාජිත

colombotoday

ධම්මික පැණිය ගැන තීරණය සති 2කින්

colombotoday