World

දින 100ක් අඛණ්ඩව දිය යට පර්යේෂණාගාරයක හුදකලාවේ සිටින විද්‍යාඥයා

දින 100 ක කාලයක් අඛණ්ඩව දිය යට පර්යේෂණාගාරයක හුදකලාවේ ගත කිරීමේ උත්සහයක නිරත විද්‍යාඥයෙකු පිළිබඳ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ.

වෛද්‍ය විද්‍යාව සහ ජලජ පර්යේෂණ සම්මිශ්‍රණය කරමින් දකුණු ෆ්ලොරිඩා විශ්වවිද්‍යාල සිසුන්ට දැනුම ලබාදීම ඔහුගේ මෙම පර්යේෂණයේ අරමුණ විය.

ඔහු නමින් ජෝෂප් දිතුරි ය.

දිතුරි වෘත්තියෙන් වෛද්‍ය පර්යේෂකයෙකු වන අතර කිමිඳුම් ගවේෂකයෙකු ද වේ.

ඔහු මේ වනවිට රැඳී සිටින්නේ, අමෙරිකාවේ කී ලාගෝ හි අඩි 30ක් ගැඹුරින් මුහුදු පත්ලේ පිහිටා ඇති ජූල්ස් හෝටලය තුළය.

අමෙරිකානු සාගර සම්පත් සංවර්ධනය කිරීමේ පදනමක් මගින් අනුග්‍රහය දක්වන නෙප්චුන් හන්ඩ්‍රස් (‘Project Neptune 100’) නම් ව්‍යාපෘතිය යටතේ ඔහු එහි රැඳී සිටී.

වෛද්‍ය විද්‍යාව සහ ජලජ පර්යේෂණ සම්මිශ්‍රණය කරමින් දකුණු ෆ්ලොරිඩා විශ්වවිද්‍යාල සිසුන්ට එම දැනුම ලබාදීම දිතුරිගේ පර්යේෂණයේ අරමුණ වෙයි.

ජෝෂප් දිතුරි සාගර පත්ලේ පිහිටි ස්ථානය වෙත පැමිණියේ පසුගිය මාර්තු මාසයේදීය.

ඔහු මේ වනවිට එහි දින 74ක කාලයක් රැඳී සිට ඇත.

දින 100 සම්පූර්ණ කිරීම සඳහා ඔහු ලබන ජුනි මස 9 වැනිදා දක්වා සාගර පත්ලේ හෝටල් කාමරයේ රැඳී සිටීමට නියමිතය.

Related posts

බ්‍රිතාන්‍යයේ සංගීත ප්‍රසංගයකට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්.. 19කට ජීවිත හානි

colombotoday

ජස්ප්‍රිට් බුම්‍රාගේ ලෝක වාර්තාව

Admin

රටවල් හතරක් කටාරය සමග සියළු සබදතා අතහරී..

colombotoday

ප්‍රංශය රුසියන් නැවක් අතලාන්තික් මුහුදේදී අත්අඩංගුවට ගනී

colombotoday

රුසියානු න්‍යෂ්ඨික නෞකා බලඇණියක් බ්‍රිතාන්‍යයට කිට්ටු කරයි.. ඉංග්‍රීසි ඕඩය ගිනියම්!

colombotoday

පාකිස්තානු අගමැතිගේ හිටපු බිරිඳගේ වාහනයට වෙඩි ප්‍රහාරයක්

colombotoday