Colombo Today Local News

මෙම වසර තුළ ජනතාවට සහන පැකේජයක්

මෙම වසර අවසන් වීමට ප්‍රථම ජනතාවගේ ජීවන බර අඩු කිරීමට අංශ කිහිපයකින් සහන පැකේජයක් ලබා දීමට රජයපියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෙම වසරේ ඉතිරි මාස හය ඇතුලත මෙම පැකේජය ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

විදුලි බිල ඉදිරි මාස දෙක ඇතුලත අඩු කරන අතර ඉන්ධන මිල අවස්ථා දෙකක දී ඉදිරියේ දී තවදුරටත් අවම කරන බව අමාත්‍යවරයා කීය.

ගෑස් මිල ගණන් තවදුරටත් අඩුවෙන බවද අඩූ ආදායම්ලාභී පවුල් සඳහා මාසිකව සහනාධාර මුදලක් ලබා දීම ලබන මාසයේ සිට අරඹන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එක් පවුලකට රුපියල් 3000, 5000, 8000, හා රුපියල් 15,000 බැගින් මුදලක් ජීවනෝපාය සංවර්ධනය සදහා ඔවුන්ගේ ගිණුම්වලටම බැර කිරීමට රජය තීරණය කර තිබෙන බවත් ජනතාව ඉල්ලා සිටි බදු සහන ලබා දීමට ද රජය තීරණය කර තිබෙන බවත් අමාත්‍යවරයා කීය.

Related posts

ගෑස් හිඟයක් නැහැ ලබන සතියෙත් ගෑස් මිල අඩු කරනවා – ලිට්‍රෝ සමාගම

Admin

එකම නිවසේ දෙන්නා දෙ නෑනෝ ඝාතනය කරලා

Admin

දේශීය කිරිපිටි වැඩිවන මිල මෙන්න

colombotoday

උතුරේ හමුදා කදවුරු සහ, කොටි සැමරුම් ගැන උතුරු මහඇමති කොළඹදී කතා කරයි !

colombotoday

මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ගණන් මෙම මස සංශෝධනය නොකෙරේ

colombotoday

වෙඩි උණ්ඩ වලට මුහුණ දෙමින් ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහි සටන ඉදිරියට කරනවා

colombotoday