Colombo Today Local News

“කාලකණ්නි අරගලකරුවන්ට උදවු කරපු එවුන්ටත් හෙන ගහනව… මං තනියම, පුලුවන්නම් වරෙව්” – ප්‍රසන්නට පාර්ලිමේන්තුවේදී තද වෙයි

කාලකණ්නි අරගලකරුවන්ට උදවු කරපු එවුන්ටත් හෙන ගහන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“පුළුවන්නම් එන්න කියන්න මගේ ගෙදරට.මම තනියම ඉන්නවා. අරගලය කාලකණ්නි වැඩක් කිව්වම සමහරුන්ට රිදුණා. එහෙම රිදුනේ මේකට සම්බන්ධ අයටයි. යනුවෙන් ද ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

සාමකාමී අරගලකරුවන්ට ගෙවල් ගිනි තියන්න, මිනිස්සු මරන්න රාජ්‍ය දේපළ විනාශ කරන්න අවශ්‍ය වුනේ නැතැයි ද එහෙම උවමනාවක් තිබුනේ කාළකණ්නින්ට යැයිද අමාත්‍යවරයා කීය.

විපක්ෂයේ අය මිනිස්සු මරන්න උපදෙස් දුන් බවද ගෙවල් ගිනි තියපු මිනිස්සුන්ට විරුද්ධව පැමිණිලි රාශියක් ඉදිරිපත් වී තියෙන අතර තවම නඩු පවරා නැතැයි ද මේ ගැන හොයා බලන්නැයි අධිකරණ ඇමතිවරයාගෙන් ඉල්ලන බව ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

කල්දේරමකට වැටී පිළිස්සුණු රැඳවියෙකු මියයයි

colombotoday

රහතුන් වහන්සේ වැඩ සිටි කුරගල මුස්ලිම් පුද බිමක් වුණ හැටි, ඔබ නොදැන සිටි කතාව මෙන්න

colombotoday

මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්.. වෙරළාසන්නයේ ජනතාව විමසිල්ලෙන් සිටින්න

colombotoday

සෞඛ්‍ය නීති කැඩූ බස් රථ 6 ක් වටලයි

colombotoday

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පනත් දෙකක් කෙටුම්පත් කරමින් පවතී – රනිල් වික්‍රමසිංහ

Admin

ඩොලර් බිලියන දෙකක LTTE අරමුදල් කැනඩාවේ ගිණුමක

colombotoday