Colombo Today Local News

සිඟිත්තියක් ළිඳකට බිලි වෙයි

යාපනය ඉලවාලෙයි වසන්තපුරම් ප්‍රදේශයේ ගෙවත්තේ පිහිටි ළිඳකට වැටී අවුරුදු දෙකහමාරක් වයසැති දියණියක් දියේ ගිලීමෙන් මිය ගොස් ඇතැයි ඉලවාලෙයි පොලීසිය පවසයි.

මිය ගිය දියණියගේ පියා රැකියාව සඳහා නිවසින් පිටව යාමෙන් පසුව දැරියගෙ මව නිවසේ මුලුතැන්ගෙයි ආහාර පිසමින් සිටින අතරවාරයේදී මෙම දියණිය ගෙමිදුලේ සල්ලම් කරමින් සිට ඇත.

පසුව දැරිය අසල තිබූ ළිඳලඟට ගොස් සෙල්ලම් කරමින් සිටියද දැරියගේ මව ඒ පිළිබඳව නිරීක්ෂණය නොකිරීම හේතුවෙන් සෙල්ලම් කරමින් සිටි දැරිය ළිඳට වැටී ඇතැයි මූලික පොලිස් පරික්ෂණවලදී හෙලි වී ඇත.

දැරිය ළිඳට වැටීමෙන් පසුව මව ළිඳලඟට දිවවිත් ප්‍රදේශවාසීන්ගෙන් උදව් ඉල්ලා කෑගැසීමෙන් පසුව ප්‍රදේශවාසීන් වහා එම ස්ථානයට පැමිණ ළිඳේ සිටි දරුවා ගොඩට ගෙන රෝහල්ගත කලද දරුවා ඒ වනවිටත් මිය ගොස් ඇතැයි රෝහල් වෛද්‍යවරුන් දැනුම් දී ඇත.

මෙලෙස ළිඳට වැටීමෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු දෙකහමාරක් වයසැති කරුණානිධි රක්ෂිකා නැමැති දැරියක් වන අතර දෙමාපියන්ගේ නොසැලකිලිමත් බාවය මෙවැනි අවාසනාවන්ත මරණයන්ට හේතුවන බවටද පරික්ෂණ සිදුකරන පොලීසිය වැඩිදුරටත් පවසයි.

Related posts

තිස්ස එජාපයට එරෙහිව සටනට.. දේශපාලන තීන්දුව ළගදීම !

colombotoday

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් අරලියගහ මන්දිරයට ගෙනල්ලා. – ප.ම පද්ම උදයශාන්ත

colombotoday

හිටපු ජනපති – අගමැති ඇතුළු පිරිසකට අපරාධ චෝදනා

colombotoday

ඔමික්‍රෝන් ප්‍රභේදය සුළු කොට තකන්න එපා.. WHO අනතුරු අඟවයි

colombotoday

මෛත්‍රීට කියලම මහින්දව අගමැති කරවනවා – ඩිලාන්

colombotoday