Colombo Today Local News

ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනයෙන් දුම්රිය ගමන්වාර 5ක් අවලංගු‍යි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද (10) උදෑසන දුම්රිය ගමන්වාර 5 ක් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි නියෝජ්‍ය සමාන්‍යාධිකාරී එම්. ජේ. ඉදිපොළගේ මහතා සඳහන් කරන්නේ, පුත්තලම මාර්ගයේ එක් දුම්රියක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 2 ක්, කුරුණෑගල සිට හා මොරටුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය 2 ක් එලෙස අවලංගු කළ බවයි.

මේ අතර කොළඹ – බදුල්ල උඩරට මැණිකේ දුම්රියක් ද අද අවලංගු කිරීමට සිදුවන බව ඔහු පැවසීය.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුරට නිලධාරියෙකු පත් කිරීමේ ගැටලුවක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බව දුම්රිය ස්ථාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.

Related posts

හීනටියංගල යතුරුපැදි අනතුරකින් තරුණයකු ජීවිතක්ශයට

Admin

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙලට රාජ්‍ය නායකයින් 17ක්

colombotoday

අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන ජලාශ 37ක් වාන්මට්ටමේ

Admin

එජාප අපේක්ෂකත්වය සජිත්ට. රනිල් එකඟ වේ. පැනවූ කොන්දේසි මෙන්න

colombotoday

එජාපයේ ප්‍රබලයෙකුට මෙවර ඇමතිකම් නොදෙන බව ජනපති කියයි

colombotoday

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යලි පවරා ගනී

colombotoday