Colombo Today Local News

හිරුණිකාගේ නඩුව යළි විභාගයට – පැහැරගැනීමට ලක්වු අමිල සාක්කි දෙයි

ඩිෆෙන්ඩර් එකකින් පැමිණී පිරිසක් මාව කොළොන්නාවේ හිරුණීකාගේ කාර්යාලයට රැගෙන ගිය විට ‘මෙයාද මෑන්’ කියා අසාගෙය පැමිණී හිරුණීකා මේසයක් උඩින් ඉඳගෙන ‘චමිලා කෝහේද? චමිලාගේ මහත්තයා දේශපාලන වශයෙන් මට ගොඩාක් උදව් කරනවා” එයා කිව්ව නිසයි ඔයාව මෙහාට ගේනාවේ” චමිලා එක්කගෙන වරෙං කියලා මට කීවා’ යැයි හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණීල්ල වෙනුවෙන් සාක්කි දෙමින් පැහැරගැනීමට ලක්වු අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා හමුවේ අද (09)දින පවසා තිබේ.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කල තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලදැයි හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණීල්ලේ සාක්කි විමසීම ආරම්භ කරමින් එසේ පවසා ඇත.

2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩදී අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීමේ අදහසින් පැහැර ගැනීමට කුමන්ත්‍රණය කිරීම, අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීම පොදු අරමුණ කරගත් නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යෑම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඬන්තේට්ටම් කිරීම, සාපරාධී ලෙස බියගැන්වීම ඇතුළු චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

සිද්ධිය වී මාස හතක් වැනි කාලයක් තුළ චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇති අතර එම නඩුව සනාථ කිරීම සඳහා කුඩා දැරියක ඇතුළු සාක්කිකරුවන් දස දෙනකු මෙන්ම ලේඛණ කිහිපයක්ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.

මෙම නඩුව කැඳවනු ලැබු මුල් අවස්ථාවේදීම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ රැකවලුන් ආරක්‍ෂකයින් 08 දෙනා වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12කට අත්හිටුවන ලද සිරදඬුවම් සහ රුපියල් 1,65,000/-ක දඩ නියම කළ අතර පැහැරගෙන ගිය දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයාට රුපියල් 2,85,000/- වන්දියක් ගෙවීමටද ඔවුන්ට නියම කෙරිණි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පමණක් නිවැරදිකරු බව පැවසීම නිසා ඇයට එරෙහි නඩුව විභාග කිරීමට පියවර ගෙන තිබු අතර මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාරිය අධිකරණයේ පෙනී සිටියාය.

Related posts

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් දිවයිනට

Admin

සභාපති නැති මුදල් කාරක සභාව ගැන සජිත් ප්‍රශ්න කරයි

Admin

“වසර අවසානයට පෙර “එට්කා“ අත්සන් කරන්න මෝදි සමග එකග වුණා“ – අගමැති ඉන්දියාවේදී

colombotoday

“අනිත් හොරු අල්ලන්න කලින් තමන්ගේ හෙළුව වහගත්තනම් හොදයි” – රාජිත පියපුතුට එජාපයෙන් ප්‍රහාරයක්

colombotoday

“13 ක්‍රියාත්මක කරන්න අයිතියක් මේ ජනවරම තුළ නෑ”

Admin

කරවල හොරෙන් කා දුවන බළලාට උම්බලකඩ පොල්ලෙන් ගහලා – රවීට දුන් දඩුවම ගැන අනුර කියයි

colombotoday